Sri Lanka
ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් වන ලකුණු
2026-01-27 08:45 AM
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අදාළ යෝජනාව ප්‍රංශ ජාතික සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පහළ මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බව වාර්තා වේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද මෙම යෝජනාට සහාය පළකර ඇති බව සඳහන්ය.පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගත යුතු වේ.

ස්නැප් චැට්, ඉන්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලා වයස අවුරුදු 15ට අඩු ළමුන්ට ප්‍රවේශ වීම තහනම් කිරීම මෙම නව නීතියේ අරමුණ බව වාර්තා වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට