Sri Lanka
වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 120ක් මරුට
2026-01-20 07:29 PM
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (19) දිනය දක්වා මාර්ග රිය අනතුරු 113ක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ එම අනතුරුවලින් පුද්ගලයින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

එමෙන්ම මෙම අනතුරුවලින් පුද්ගලයින් 216ක් බරපතළ තුවාල ලබා ඇතැයිද සුළු අනතුරු 490ක්ද වාර්තා වී ඇති බවත් පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඉන් අලාභ හානි 159ක්ද වාර්තා වී ඇති බවය.

මෙම අනතුරුවලින් වැඩි වශයෙන් පදිකයින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එම ගණන 33ක් ලෙස වාර්තා වී ඇති බවය.

එමෙන්ම යතුරුපැදි අනතුරු 45ක් සහ පසුපැදිකරුවන් 7ක් ද මෙම අනතුරුවලින් මියගොස් ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට