රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
කෑගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
ගව්පේ (GovPay) ඔස්සේ දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම අකුසලතා ලකුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ යෙදුණු රියදුරන් සම්බන්ධයෙන් මේ 2026 වසරේ වනවිට නඩු 300කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා නව පරීක්ෂණ උපකරණයක් පොලිස්පතිවරයා විසින් හඳුන්වා දීමට නියමිත අතර, එය හෙට සිට ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.
තවද, බස් රථ ඇතුළු රථ වාහනවල සවිකර ඇති අනවශ්‍ය උපංග ඉවත් නොකර ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා අවධාරණය කළේය.
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට