Sri Lanka
බදුල්ලේ ගිනි නිවන රථ ලෙඩවෙලා
35 | 2025-07-18 11:54 AM
බදුල්ල මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ ඇති ගිනි නිවීමේ රථ දෙකක් හා මහ නගර සභාව සතු තවත් ජල බවුසරයක ඇතිව තිබෙන කාර්මික දෝෂ හේතුවෙන් ධාවනයට එක් නොවන පුවතක් වාර්ථා වනවා.

ගිනි නිවීම් ඒකකයේ ඇති ගිනි නිවීමේ රථ දෙකෙන් එක් රථයක ක්ලච් ප්ලේට් හි දෝෂයක් සහ අනෙක් රථයේ තිරිංගවල දෝෂයක් ඇතිව තිබෙන බව මෙන්ම අනෙක් ජල බවුසරයේ කාර්මික දෝෂ කිහිපයක් හේතුවෙන් මෙලෙස ධාවනයට එක් නොකිරීමට හේතුව බවයි අනාවරණය වන්නේ.
කෙසේ වෙතත් බදුල්ල නගරය තුල යම් හදිසි තත්වයක් ඇති වුවහොත් ඊට මැදිහත්වීමේ හැකියාව පවතින බවත් මේ වන විට බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ රථවල ඇතිව තිබෙන කාර්මික දෝෂ සැකසීමට කටයුතු යොදමින් සිටිනා බව බදුල්ල මහ නගර සභාවේ උසස් නිළදාරියෙක් සඳහන් කලා.
මෙවන් තත්වයක් තුළ හාලිඇල කසළ අංගනයේ 15වන දින රාත්‍රියේ ඇතිවූ හදිසි ගිනි ගැනීමේ තත්වය පාලනය කිරීමට බණ්ඩාරවෙළ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීම් රථයක් ගෙන්වාගැනීමට සිදුවූ බව හාලිඇල ප්‍රාදේශීය සභාවේ නිළධාරියෙක් සඳහන් කලා.
බදුල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල ගිනි ගැනීමක් හෝ යම් හදිසි තත්වයක් ඇති වුවහොත් බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ඊට යොමුවී මහඟු සේවාවක් ඉටු කරනා බවත් මෙවන් තත්වයක් ඇතිවීම කනගාටුදායක තත්වයක් බවයි බදුල්ල නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙන්නේ.

ජයලත් දිසානායක - බදුල්ල

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර