Sri Lanka
පාසල් දරුවන්ට මාධ්‍ය උවමනාව වැඩි කරන්න කරන වැඩ
2026-01-15 07:52 AM
පාසල් මාධ්‍ය කව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ පාසල් දරුවන්ට මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රගුණ කිරීම යැයි කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පැවසීය.

ආරච්චිකට්ටුව - විජයකටුපත විජය මහා විද්‍යාලය සදහා අභිනයනේ ස්ථාපනය කරන ලද මාධ්‍ය ඒකකය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ දෙවන වසර ඉගෙණුම ලබන සිසු සිසුවියන් විසින් රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් වැය කර මෙම මාධ්‍ය ඒකකය ස්ථාපනය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා මෙසේද පැවසීය. වර්තමානය වන විට ලෝකය තුළ ජනතාව අතර ජන සන්නිවේදනයට වැඩි උනන්දුවක් තිබෙනවා.අපේ රටෙත් විශ්ව විද්‍යාල මට්ටමින් ජන සන්නිවේදනය සම්බන්ධයෙන් අධ්‍යයනයක් ලබා දෙනවා.ඒ අතර තුර වර්තමානය වන විට පාසල් වල විෂය නිර්දේශයටත් ජනසන්නිවේදනය ඇතුළත් වී තිබෙනවා.ඒ අනුව පෙනී යන්නේ ජනසන්නිවේදනය අප අපිට ඉතාමත්ම අවශ්‍ය දෙයක් බවට පත් වී ඇති බවයි.

නමුත් අවාසනවාකට ජන සන්නිවේදනය හදාරන්න වැඩි හැකියාවක් තිබෙන්නේ නගර බද දරුවන්ට පමණයි.මොකද ග්‍රාමීය මට්ටමේ දරුවන්ට ඒ සදහා අවශ්‍යපහසුකම් ලැබෙන්නේ ඉතාමත්ම අඩු වශයෙන්.මේ නිසා තමයි කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ අධ්‍යාපනය ලබන දරුවන් තමන්ගේ ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස වසරකට වරක් ග්‍රාමීය මට්ටමේ පාසලක් තෝරා ගෙන මාධ්‍ය ඒකක පිහිටුවීම සිදු කරන්නේ.


මේ වන විට අපි දිවයින පුරා පාසල් කීපයකම මේ ආකාරයට මාධ්‍ය ඒකක පිහිටුවා තිබෙනවා.පාසලක් තුළ මාධ්‍ය ඒකකයක් පිහිටුවීමෙන් පමණක් මෙම ව්‍යාපෘතිය අවසන් වන්නේ නෑ.අපේ විශ්ව විද්‍යාලයේ දරුවන් නැවත මේ පාසලට ඇවිත් මාධ්‍ය විෂය හදාරණ දරුවන් සමග එක්ව වැඩ කටයුතු කරනවා.ඒ තුළින් අපි බලාපොරොත්තු වන්නේ ගම්
මට්ටමේ සිටින මාධ්‍යට දක්ෂකමක් ඇති දරුවන්ට ජාතික තලයේ කටයුතු කිරීමට අවස්ථාව ඇති කිරීමයි.

මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ කථිකාචාර්යවරුන්,විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්,ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් අයේෂා වික්‍රමසිංහ,විජයකටුපත විජය මහා විද්‍යාලයේ විදුහල්පති වසන්ත ධර්මප්‍රිිය යන මහත්මා මහත්මීන්ද සහභාගි විය. ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට