Sri Lanka
රථවාහන වැරදි සහිත මරදාන ප්‍රදේශයේ හිමිකරුවකුට අයත් යතුරුපැදියක් අත්අඩංගුවට.
2026-01-07 05:47 PM
බේරුවල පොලිස් ස්ථානයේ රථවාහන අංශ නිලධාරීන් මාර්ගපරික්ෂාවේදී රථවාහන වැරදි සහිත බේරුවල මරදාන ප්‍රදේශයේ හිමිකරුවකුට අයත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්වු පාර්ශ්වය හමු වූ බේරුවල මරදාන ප්‍රදේශයේ තැ‍රැව්කරුවෙකු අසල්වැසි යතුරුපැදි හිමිකරුට පවසා ඇත්තේ බේරුවලපොලිස් ස්ථානාධිපති තුමා හිතවතෙකු බවත් රුපියල් තිස්දාසක මුදලක් ලබාදී යතුරුපැදියෙ වරදවල් වෙනුවෙන් නඩු නොදා ගොඩින් බේරාදෙන්න පුළුවන් බවයි. තැ‍රැව්කරු එසේ පැවසීමෙන් ඒ බව විශ්වාස කළ තමන් රුපියල් තිස් දාහක් වූමුදල ලබා දුන් බවයි. තම යතුරුපැදිය බේරාදෙන්නම් කිව්වත් අදාළ නඩුවට යතුරුපැදිකරුට අධිකරණය හමුවේ පෙනී සිට දඩ මුදල් ගෙවීමටද සිදුව තිබේ.
අධිකරණයට ගොස් දඩය ගෙවූ යතුරුපැදියේ හිමිකරු බේරුවල පොලිස් ස්ථානාධිපති වරයා හමුවී සිද්ධිය පැවසීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්බේරුවල මරදාන ප්‍රදේශයේ පදිංචි තැ‍රැව්කාර55 වියේ පසුවන සැකකරුවෙකු බේරුවල පොලිසිය මගින් අද අත්අඩංගුවට ගනු ලැබීය. ඒ පොලිසි ස්ථානාධිපතිවරයාගේ නම විකුණා වංචනික ලෙස අයෙකුමුලා කර මුදල් ලබා ගැනිමේ චෝදනාව මතයි. යතුරුපැදියේ හිමිකාර පාර්ශවය වැඩිදුරටත් බේරුවල පොලිස් ස්ථානාධිපති වරයා හමුවී මෙසේ පවසා තිබේ ,, ,,බේරුවල ඕ අයි.සි මහත්තයා තමාගෙ ( තැ‍රැව්කරුගේ) හිතවතෙක් බවත් ඔය බයිසිකල නඩු වැටෙන ගැටලුව මම මහත්තයාට කියලා විසඳලා දෙන්නම් ඕ.අයි.සි.මහත්තයට රුපියල් 30,000ක් දෙන්න විතරයිියෙන්නේ යනුවෙන් පවසා සැකකරු වංචනිකව යතුරුපැදී හිමිකරුට පවසා බේරුවල පොලිසිය ඉදිරිපිටදීම එම රුපියල් 30,000 මුදල ලබාගෙන තිබේ.,, එලෙස තැ‍රැව්කරුට මුදල් දෙන වීඩියෝ දර්ශන පොලිසි ස්ථානාධිපතිවරයාට ලබා දී පැය කීපයකින් සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද(7) කළුතර මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිතය. බේරුවල පොලිස් ස්ථානාධිපතිඑම්.ආර්. නවරත්න මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන, පොලිස් සැරයන් උදය කුමාර යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට