ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද හමුදා ආක්‍රමණය වෙනිසියුලා රජය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව විදෙස් වාර්තා පවසනවා.
අද නිකුත් කළ නිල ප්‍රකාශයකට අනුව, ජනාධිපති නිකොලස් මදුරෝ විසින් මේ වන විට රට තුළ
ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ. මෙම ප්‍රහාරයන් වෙනිසියුලාවේ ප්‍රධාන ප්‍රදේශ හතරකට එල්ල වී ඇති අතර අගනුවර වන කරකාස්, මිරැන්ඩා, අරගුවා, ලා ගුවයිරා ඒ අතර වනවා.
පවතින තත්ත්වය හමුවේ, වහාම බලමුළුගැන්වීමේ සැලසුම් සක්‍රීය කරන ලෙස ජනාධිපතිවරයා එරට සියලුම සමාජ හා දේශපාලන බලවේගවලින් ඉල්ලා සිටිනවා.