Sri Lanka
ඉන්දියාව AI ඉලක්කය හෙළිකරයි
2026-01-03 07:33 PM
ඉදිරි දශකය තුළ රටේ ප්‍රබලතම මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය (AI) ස්ථානගත කරමින්, 2035 වනවිට ඉන්දියානු ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.7ක් පමණ එකතු කළ හැකි බව එරට රජයේ ඇස්තමේන්තු කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාව විසින් පරිගණක යටිතල පහසුකම් ගොඩනැගීම, ආරම්භක ව්‍යාපාර සඳහා සහායවීම, දේශීය AI ආකෘති සංවර්ධනය කිරීම සහ කුසලතා වැඩසටහන් පුළුල් කිරීම සඳහා වසර පහක් පුරා රුපියල් කෝටි 10,300 කට වඩා වෙන් කර ඇති IndiaAI මෙහෙයුම වැනි ආයෝජන හේතුවෙන් මෙම ප්‍රතිඵල ළඟා කරගත හැකි වෙනු ඇති බවය.

සෞඛ්‍ය සේවා, කෘෂිකර්මාන්තය, නිෂ්පාදන, මූල්‍ය සේවා, අධ්‍යාපනය, පාලනය සහ දේශගුණික ඇතුළු අංශ හරහා AI භාවිතය ආර්ථික බලපෑමට හේතුවනු ඇති අතර, එහිදී ස්වයංක්‍රීයකරණය සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම දැනටමත් ඵලදායිතාව සහ සේවා සැපයීම වැඩිදියුණු කර ඇති බවද සඳහන් කරයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට