Sri Lanka
දකුණු කොරියාවේ අධික වර්ෂාවෙන් 4ක් මරුට 1,300 ක් අවතැන්
38 | 2025-07-18 11:16 AM
දකුණු කොරියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් 1,300 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති අතර, ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මියගිය අය අතර වයස අවුරුදු 80 ගණන්වල පසුවන දෙදෙනෙකු ද විය.වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් දකුණු කොරියානු රජය කාලගුණය ආශ්‍රිත ආපදා අනතුරු ඇඟවීම් ඉහළම මට්ටමට නංවා තිබේ.බටහිර වෙරළ තීරයේ දරුණුතම බලපෑමට ලක් වූ නගරය වන සියෝසන් හි පැය 12ක් තුළ මිලිමීටර් 400 කට වඩා වැසි ඇද හැළුණි. කාලගුණ ඒජන්සිය එය සියවසකට වරක් පමණක් සිදුවන සිදුවීමක් ලෙස සඳහන් කළේය.

ගං ඉවුරු, බෑවුම් සහිත ප්‍රදේශ සහ පහත් බිම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, නායයෑම් සහ හදිසි ගංවතුර අවදානම තවමත් පවතින බවටද අනතුරු අඟවයි.වයඹ දෙසින් එන වියළි වාතය දකුණේ සිට එන උණුසුම් හා තෙතමනය සහිත වාතය සමඟ මිශ්‍ර වී විශාල වැසි වලාකුළු ඇති වන බව දකුණු කොරියාවේ කාලගුණ විද්‍යා පරිපාලනය පවසයි.නමුත් කාලගුණ අනාවැකිකරුවන් අපේක්ෂා කරන්නේ ඉදිරි සතියේ දී තාප තරංගයක් ඇතිවීමේ හැකියාව සමඟ ඉහළ උෂ්ණත්වයක් නැවත පැමිණෙනු ඇති බවයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර