අද පස්වරුවේ මාවනැල්ල කොන්දෙනිය ග්‍රාමසේවා වසමේ කාන්තාවක් ඇතුලු තිදෙනෙකු තියුණු ආයුධය ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් වි ඇති අතර මාවනැල්ල පොලිසිය පවසන්නේ පිහියකින් කපා ඇන මෙලෙස පුද්ගලයන් ඝාතනය කර පුද්ගලයා මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි.
පොලිසිය පවසන්නේ අද පස්වරු 4.20 ට පමණ මෙම සිදු විම පුද්ගලික ආරවුලක් මත මාවනැල්ල දනාගමවත්ත පදිංචි වයස අවුරුදු 37 ක් පමණ පුද්ගලයෙකු විසින් කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමි පුද්ගලයෙකුට පිහියකින් ගෙල සහ උදරය මෙන්ම පපු ප්‍රදේශයට පිහියෙන් කපා ඝාතනය කර ඇති බවයි.
මෙම අවාසනාවන්ත සිදු විමෙන් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ වැලිමන්නලාගේ සෝමාවති නම් 67 හැවිරිදි කාන්තාවක් සහ වයස 66 අවුරුදු හේනේ ගෙදර සෝමාවති, වයස අවුරුදු 58 වන කීරගෙදර නිමල් කරුණාතිලක යන අයයි.
මෙම සිදු විමෙන් මේ වන විට දනාගමවත්ත, මාවනැල්ල පදිංචි වයස අවුරුදු 36 ක් වන එදිරිසිංහ පේඩිගේ දීපා කුමාරි එදිරිසිංහ මාවනැල්ල මූලික රෝහලේ වාට්ටු අංක 08 ප්‍රතිකාර ලබයි.
මෙම සම්බන්ධව වැඩිදුරටත් විමර්ශනය සිදු කිරීfමිද් මෙම ඝාතනය සිදු කල සැකකරු අධීක ලෙස මත්පැන් පානයට සහ මත් ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වි සිටින අයෙකු බවත් මෙම මිය ගිය අයවලුන් අතර සහ මෙම සැකකරු අතර ඉඩම් ආරවුලක් දිර්ඝ කාලයක සිට තිබි ඇති බවයි පොලිසිය වෙත කට උත්තර ලබා දෙමින් මෙ වන විට තුවාල ලබා සිටින 36 හැවිරිදි කාන්තාව පවසා ඇත.
තවද මෙම තුවාල ලබා සිටින කාන්තාව විවාහ වි වෙන්වි සිටින අතර ඇයව විවාහ කර ගැනීමේ අරමුණ ඇතිව කාලයක සිට මෙම සැකකරු විසින් තුවාල ලබා ඇති අයගේ මව වන මිය ගොස් ඇති සෝමාවති යන අයට නිතර නිතර බලපෑම් කර ඇති බවද විමර්ශනවලදි මේ වන විට පොලිසිය කරුණු ආනාවරණය කර ගෙන ඇත.
මිය ගිය දෙදෙනෙකුගේ දේහ මෙ වන විට මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර