Sri Lanka
හිටපු සෞඛ්‍ය ඇමතිත් වත්මන් සෞඛ්‍ය ඇමතිත් එකට හමු වු පිංකම
2026-01-01 01:12 AM
බේරුවල පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමය,ඈතගම බෝසත් මාපිය සෙවන, හා ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානාධිපති , බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක මලේගොඩ නන්ද නාහිමියන්ගෙ ඊයේ (31) දින යෙදුන 81 වන ජන්ම දිනය කෝටිටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑ පානේ ධම්මාලංකාර මානාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සංඝරත්නය සියක් නමක් වහන්සේලා වැඩමකරවීමෙන් මෙම පින්කම සිදු කෙරිණ. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්,බේරුවල ප්‍රාදේශීය ලේකම්ජානක පෙරේරා, දානමය පින්කමේ ප්‍රධාන දායකත්වය දැරූ කඩවත ව්‍යාපාරික මේනක ජයවර්ධන යන මහත්වරු සතරපේරුවේ දායකයින් ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම පින්කමට සහභාගී වී සිටියහ.

අලුත්ගම තුසිත කුමාරද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට