Sri Lanka
ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 05දෙනාට ඇප.
2025-12-31 04:45 PM
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම සිද්ධිය ගාල්ල මහ නගර සභාව පැවැත්වූ ඊයේ (30) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියේදී සිදුවූවක්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත (එක්සත් ජාතික පක්ෂය), නිමාලි චම්පිකා (පොදු ජන එක්සත් පෙරමුණ), ප්‍රභාත් සෙනවිරත්න (සමගි ජන බලවේගය), එම්.එම්.එම්.යෙසීර් (එක්සත් ජාතික පක්ෂය), කපිල කොහොබන් (සමගි ජන බලවේගය)යන මන්ත්‍රීවරුන්.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශය සටහන් කරගැනිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට