Sri Lanka
29 වනදා සිට වැසි වැඩි වෙන ලකුණු.
2025-12-26 05:35 PM

දෙසැම්බර් මස 29 වනදින සිට දිවයින හරහා සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට