ආපදාවට පත්වු පාසල් දරුදැරියන් 1000 ක් දෙනාට අභ්‍යාස පොත් බෙදා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වීරහේන පිරිවෙණට
රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදීන් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ රජය ඇතුළේ සිටිමින් බව ඇඹිලිපිටිය සිද්ධියෙන් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ආපදාවට පත්වු පාසල් දරුදැරියන් 1000 ක් දෙනාට අභ්‍යාස පොත් බෙදා දීම සදහා නාත්තන්ඩිය වීරහේන පිරිවෙනේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
පොදුජන පෙරමුණ පක්ෂයේ නෙළුම් බලකාය විසින් සංවිධානය කරණ " ආදරය" වැඩ සටහනට සමගාමීව මෙම පොත් බෙදා දීමේ වැඩ සටහන සංවිධානය කර තිබුණි.
පිරිවෙන් වල අධ්‍යාපනය ලබන සාමනේර භික්ෂූන් වහන්සේලා මෙන්ම සිංහල, මුස්ලිම් දරු දැරියන් සදහා මෙහිදී අභ්‍යාස පොත් බෙදා දීම සිදු කරණ ලදි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
පසුගිය ආපදා අවස්ථාවේදී අපේ ආගමික නායකයින් ජනතාව වෙනූවෙන් කළ සේවය අගය කළ යුතුයි. නාත්තන්ඩිය වීරහේන පිරිවෙන වැනි අධ්‍යාපන මධ්‍යස්ථාන වල රැදී සිටි කුඩා සාමනේර හිමිවරුන් ආරක්ෂා කරන්න නායක ස්වාමීන් වහන්සේලා විශාල කැප කිරීමක් කලා. ආපදාවට ලක්ව සිටි ඇතැම් ප්‍රදේශ වල ජනතාවට රැකවරණය ලබා දෙන්න තවත් ආගමික නායකයින් කටයූතු කර තිබුණා. උන්වහන්සේලා සියළුම දෙනාම ජාතියේ උපහාරයට ලක් විය යුතුව තිබෙනවා.
මෙහිදී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
වත්මන් රජය බලයට පත්වීමට පෙර කියපුවා අපි නැවත නැවත කියන්න අවශ්‍ය වන්නේ නෑ. ජනතාවට ඒ කථා හොදට මතකයි.
වර්තමානයේ රට තුළ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බව හොදට පේන්න තියනවා. ඇඹිලිපිටියේ සිද්ධිය ඊට ආසන්නතම උදාහරණය. ගංජා හේනක් අල්ලපු වරදට පොලිස් නිලධාරියෙකු රෝහල් ගත වෙන්නම ගුටි කාලා. ඒ මදිවට ඒ නිලධාරියාව අධිකරණයටත් ඉදිරිපත් කරලා.
වත්මන් රජයත් හරියටම පික් පොකට් කාරයෙක් වාගේ. පොකට් එක හොරකම් කරපු හොරා කෑගහනවා අන්න හොරා, අන්න හොරා කියලා. අන්තිමේට කොහේවත් නැති අහිංසකයෙක් ගුටි කනවා. හොරා පොකට් එකත් අරගෙන පැනලා යනවා.වත්මන් රජයත් කරන්නේ අන්න ඒ වගේ වැඩ තමයි.
මෙම අවස්ථාවට නාත්තන්ඩිය වීරහේන පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය පණ්ඩිත නිවන්දම ධම්මිස්සර ස්වාමීන් වහන්සේද, පොදු පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායිකා චමරි පෙරේරා, හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර යන මහත්මා මහත්මීන් පිරිසක් සහභාගි වී සිටියේය.