Sri Lanka
බිඳී ගිය වැව් යලි යතා තත්වයට.
2025-12-24 05:26 PM
ජාත්‍යාන්තර ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමිය තුළ පිහිටා ඇති වැව් දෙකක බැමි පසුගිය වැසි සමයේ බිදී ගොස් ඇත.බිදී ගොස් ඇත්තේ සුරුවිල සහ මයියාව නම් වැව් දෙකය.

තෙත් බිම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියට අනුව මෙම ප්‍රදේශය රැම්සා අභය භූමියක් ලෙස 2001 අගෝස්තු මස 03 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත.සෙංගල්ඔයෙන් පෝෂණය වන එල්ලංගා පද්ධතියට අයත් වැව් 05 ක් ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ ඇත.

මෙම වැව් පද්ධතිය හා අවට ඇති ජෛව විවිධත්ව පරිසරයට ඇළුම් කරන දෙස් විදෙස් පක්ෂින් විශාල ප්‍රමාණයක් වසරේ මැද භාගයේදී මෙහි පැමිනෙති. ඒ තම ප්‍රජනන කටයූතු සදහාය.

ප්‍රජනන කටයූතු වලින් අනතුරුව උපදින දරුවන් සමග මාස කීපයක් ආනවිළුන්දාවේ රැදී සිටින එම පක්ෂින් නැවත සිය රටවල් බලා පියාසර කරති.එම පක්ෂින් ප්‍රජනන කාලය තුළ මෙන්ම පසුවද රැදී සිටින්නේ පෙර සදහන් කර ඇති වැව් පද්ධතිය ආශ්‍රිතවය. ඊටද හේතුවන කරුණූ කාරණා රැසක් ඇත.

එමෙන්ම මෙම වැව් පද්ධතියට සෙංගල්ඔය හරහා ලැබන ජලයෙන් ප්‍රදේශයේ ගොවීන් විශාල ප්‍රමාණයක් කුඹුරු වගා කරති. වැව් බැමි බිදී යාම හේතුවෙන් මයියාව වැව සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇත. සුරුවිල වැව් බැම්ම ස්ථාන 08 කින් බිදී ගොස් ඇති බව ගොවීන් සදහන් කරයි. නමුත් සුරුවිල වැව තුළ යම් ජලය ප්‍රමාණයක් තවමත් රැදී පවතී. එම ජලයද ආපසු මයියාව වැව හරහා මුහුදට ගලා නොයාම සදහා ගොවීන් විසින් බාධක යොදන ආකාරයක් එහි ගිය අපට දකින්නට ලැබුණි.

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමිය තුළ පිහිටා ඇති වැව් දෙකක් බිදී යාම අපිට දෙයාකාරයකට බලපෑම් කරන්නේය. ඉන් එකක් වන්නේ ප්‍රමාණවත් තරම් ජලයක් නොමැති වීම නිසා කුඹුරු අක්කර සිය ගානක් පුරන්ව යාමය. දෙවැන්න වන්නේ ජලය නොමැති වීම නිසා ජාත්‍යන්තර තෙත් බිමක් වියලී යාමය.

ලබන වසරේ මැද භාගයේදීම සංචාරක පක්ෂීන් විශාල පිරිසක් ආනවිළුන්දාව බලා සංක්‍රමණය වනවා ඇත. එවිට ඇත්තේ වියලී ගිය බිමක් නම් ඔවුන් පැමිණි කාරණය ඉටු වන්නේ නැත. එම තත්ත්වය ඉතාමත්ම භයානකය. මන්ද සංචාරක පක්ෂින් ආනවිළුන්දාව රැම්සා බිම අතහැර දැමුව හොත් එහි පාඩුව අපිටම වන නිසාය. 
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට