Sri Lanka
ඇත් අතුරු සෙවනේ අලි පැටවුන් 06 දෙනෙකු උඩවලව නිදහස් කරයි
2025-07-18 11:06 AM
ඇත් අතුරු සෙවනේ දී වනජීවී නිලධාරීන්ගේ සෙනෙහස රැකවරණය ලැබූ අලි පැටවුන් 06 දෙනෙකු 17 දින උඩවලව මව්ආර ප්‍රදේශ දී ඔවුන්ට උරුම ඔවුන්ගේම වාසභූමි වෙත පියනැගුවා. මෙලෙස උදෑසන උඩවලව ජාතික උද්‍යානයේ දි වනයට නිදහස් වූයේ ඩොලා සේරා ලරම්බරී යන ගැහැණු අලි පැටවුන් තිදෙනා සහ බාලන් ල තිස්සල තමිල් යන පිරිමි අලි තිදෙනා කැලයේ දී තනිවම හැසිරෙමින් ආහාර ජලය ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන වයසට එළඹීමෙන් පසු නිදහස් කෙරුණු මෙම පැටවුන් 06 දෙනාගේ වනගත ජීවිතය නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායමේ තිදෙනෙකු සඳහා සඥා කරපටි පළඳනු ලැබුවා.
උඩවලව ඇත් අතුරු සෙවන බිහිවන්නේ නිජබිමෙි් දී විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මව අහිමි වූ ළදරු වයසේ පසුවන අලි පැටවුන්ට ආහාර ප්‍රතිකාර රැකවරණය සෙනෙහස ලබා දී ඔවුන් ගැටවර වයසට එළඹීමෙන් පසු ඔවුන්ටම උරුම වූ වාසභූමි වෙත නිදහස් කිරීම සඳහා යි මේ වන තෙක් මව අහිමි වූ අලි පැටවුන් 200ක් පමණ ඇත් අතුරු සෙවනේ ආදරය රැකවරණ ලැබීමෙන් පසු ඔවුන්ගේ නිජබිම් වෙත නිදහස් කර තිබෙනවා.

අන්තර්ජාලයෙන් උපුටා ගත් පුවතකි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට