Sri Lanka
ලක්ෂ 28 ක වෛද්‍ය උපකරණ විපක්ෂ නායක අතින් හෙම්මාතගම රෝහලට
2025-12-24 05:15 PM
දිට්ඨා සුළි කුණාටුවෙන් විපතට පත් බල ප්‍රදේශයක රෝහල් ලෙස කෑගල්ල දිස්ත්‍රීක්කයේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාංශයේ හෙම්මාතගම රෝහලට හුස්ම වැඩසටහන යටතේ ලක්ෂ 28ක වෛද්‍ය උපකරණ අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබා දීම සිදු වුනා.

එම අවස්ථාවෙන් පසුව මාධ්‍යවේදින් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය. 2028 විදේශ ණය ගෙවන්න ආරම්භ කරනවා කියලා කියන්නේ ඒක යථාර්තවාදි දෙයක් නෙවෙයි. ලෝක ප්‍රසිද්ධ ආර්ථික විශේෂඥයින් කියනවා. අපේ රටට ණය සහනයක් ලැබිය යුතුයි කියලා. ඒ අය කථා කරන්නේ ණය කප්පාදුවක් ගැන. එහෙමනම් රජයේ නායකත්වය දිලා කොන්ද කෙලින් තියාගෙන සෘජුව IMF එක සමග සාකජ්ජා කරලා මේ කොන්දේසි ටික ලිහිල් කරගන්න කටයුතු කරගන්න ඔනෑ. නමුත් එක වෙන පාටක් නැහැ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙම්මාතගමදී අද පෙරවරුවේ 24 පැවසීය.
හෙම්මාතගම ප්‍රාදේශිය රෝහල වෙත ලක්ෂ 28 කට ආසන්න රෝහල් උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කර අතර එම පරිත්‍යාගය හිටපු අමාත්‍ය කබිර් හෂිම් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිදු කරන ලද පරිත්‍යාගයකි.
එම පරිත්‍යාගයෙන් පසුව විපක්ෂකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. අපේ විදේශිය ණය බර අඩු කරගන්න අවශ්‍ය නැහැ කියලා කියනවා නම් ඒක දේශදෝහි රටට දෝහි ප්‍රකාශයක් ලෙසයි මම දකින්නේ මුළු ජාත්‍යන්තරයේ අනුකම්පාව කැමැත්ත අපේ රටට තිබෙන මොහොතක අපි මේක උපයෝගි කරගන්නට ඔනෑ අපේ රටේ දුකට පත් වි තිබෙන ජනතාව සුවපත් කරන්න සහ සැපවත් කරන්න. මේ අවස්ථාවේ රජය හිතන්න හොඳ නැහැ ඉබේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය කොන්දේසි ලිහිල් කරයි කියලා ඒවාට සාකජ්ජා කරන්න ඔනෑ. රාජතාන්ත්‍රීක වැඩ පිළිවෙලක් සකස් කරන්න ඔනෑ. මම දන්නේ නැහැ මේ රජයට ඒ හැකියාව තිබෙනවාද නැද්ද කියලා. මේ අයට මේ හැකියාව නැත්නම් විපක්ෂයේ අපේ අය සුදානම් ඒ උදව්ව ලබාදෙන්න. මොකද අපිට ඉන්නවා දක්ෂ හපන්කම් තියෙන කණ්ඩායම්. අපිට පුළුවන් ඒ සේවාව නොමිලේ ලබා දෙන්න. මේ රටේ ජනතාවට එල්ල වේලා තියෙන මේ දැවැන්ත විදේශීය ණය බර ලිහිල් කර ගැනීමේ සාකච්ජා කරගෙන ක්‍රීයාත්මක කරගන්න බැයිනම් අපි එක කරන්නේ රජයට උදව්වක් හැටියට නෙවෙයි. අපි එක කරන්නේ රටට උදව්වක් වශයෙන්. රටේ ලක්ෂ දෙසිය විස්සක ජනතාව වෙනුවෙන් කරන උපකාරයක් හැටියටයි.
එහිදි වැඩිදුටත් අදහස් දැක්වු විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.
රටේ ජනතාව දැනුවත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. එයින් පළමු වැන්න තමයි IMF එක මුලින්ම සාකජ්ජා කරපු අවස්ථාවේ කියා සිටියා විදේශ ණය ගෙවිමේ ක්‍රියාවලීය 2033 ක්‍රියාත්මක කරපුවාහම ප්‍රමාණවත් කියලා. නමුත් අපේ රට එකග වේලා තිබෙනවා 2028 සිට මේ ණය ගෙවන්න. මම මේ කියන්නේ සුළි කුණාටුවට පෙර අපි අතිදුෂ්කරතාවයක හිටියේ 2028 මේ ණය ගෙවිමේ තත්වය නිසා. වාර්ෂිකව ඇ.ඩො. බිලියන 4.5 ක ප්‍රමාණයක් වාර්ෂිකව එක දිගට ගෙවන්න වන තත්වය නිසා එදා අපි ජනාධිපතිවරණය අවස්ථාවේ මහ මැතිවරණය අවස්ථාවේ අපි කිවේ IMFඑකත් එක්ක අපි ගණුදෙනු කරන්න ඔනෑ. එම රාමුව තුල අපි වැඩ කරන්න ඔනෑ. නමුත් IMFඑකත් එක්ක සාකජ්ජා කරලා අපි ඒ කොන්දේසි ටික වෙනස් කරගන්න ඔනෑ රටේ ජනතාවටත් රටටත් මේ පැටවුනු බර ලිහිල් කරලා යම් කිසි සහන කොන්දේසි මත අපි මේ ණය ගෙවිමේ ක්‍රීයාවලීය ගෙවිමේ ක්‍රමය ක්‍රීයාත්මක කිරිමේ අදහසින් හිටියේ. මේ සුළි කුණාටුවටත් පෙර මේ සුළි කුණාටුව සමග අපිට අහන්න ලැබෙනවා විවිධ විදේශිය වාර්තා කියනවා. ඇ.ඩො.බි 4.1 වාගේ හානියක් සිදු වේලා තියෙනවා කියලා. එක යම් සීමා සහිත තක්සේරුවක්. සමස්ත තක්සේරුව ගත්තොත් ඊට වඩා වැඩි විනාශයක් සිදු වේලා තියෙන්නේ. මේ වාගේ තත්වයක් මත රජයට කොන්දක් තියෙන්න ඔනෑ. කසේරුකාවක් තියෙන්න ඔනෑ. මේ විපතට පත් වුනු අපේ රටේ මේ පවතින ණය කොන්දේසි යම් මට්ටමකින් ලිහිල් කරගන්න. ඒ අයට රාජතාන්ත්‍රීක භාවයට ඒ සාක්ෂරතාවය ඒ හැකියාව තිබෙන්නට ඔනෑ ඒදැනුම තියෙන්න ඔනෑ මේ ණය කොන්දේසි ලිහිල් කර ගන්න.
ලෝක ප්‍රසිද්ධ ආර්ථික විශේෂඥයින් කියනවා. අපේ රටට ණය සහනයක් ලැබිය යුතුයි කියලා. ඒ අය කථා කරන්නේ ණය කප්පාදුවක් ගැන. කවුරුත් ඔවා ගැන කතා කරාට වැඩක් නැහැ රජයේ නායකත්වය දිලා කොන්ද කෙලින් තියාගෙන සෘජුව ෂඵත්‍ එක සමග සාකජ්ජා කරලා මේ කොන්දේසි ටික ලිහිල් කරගන්න කටයුතු කරගන්න ඔනෑ. මේ කොන්දේසි සමග අපේ රටට ඉදිරියට යන්න අපහසුයි. ඒ ණය ගෙවන්න සිඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් ලබන්න ඔනෑ. විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් ලබන්න ඔනෑ. අපනයන ආදායම ඉහළ මට්ටමක තියෙන්න ඔනෑ. ඒ වාගේම සෘජු විදේශ ආදායම් තියෙන්න ඔනෑ. මේ විනාශය සමග විශාල පහල වැටිමක් තිබෙනවා. ඒ නිසා 2028 විදේශ ණය ගෙවන්න ආරම්භ කරනවා කියලා කියන්නේ ඒක යථාර්තවාදි දෙයක් නෙවෙයි. එක විහිළුවක්.
දිට්ටා සුළි කුණාටුවෙන් පිඩාවට පත් වි සිටින ජනතාවට මේ වන විට තවමත් සාදනිය අවස්ථාවන් ලබා දිලා ඔවුන් නැවත සක්‍රීය වන්නට අවස්ථාවක් ලබා නොදිම ගැන රජයට කියන්නට ඇත්තේ කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයට විපක්ෂ නායකවරයා පවසා සිටියේ මෙවැනි කතාවකි.
මුලින්ම කරන්න ඔනෑ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමයි. සුළි කුණාටුව තිබෙන අවස්ථාවේදි සහ ඉන් පසුව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ගිහින් කියනවා ඒ කදු වල ඉන්න ජනතාවට මේවාගේ ඉන්න සුදුසු නැහැ කියලා. වාහාම කඳවුරට යන්න කියලා කියනවා. ඊට පස්සේ කිසිම විද්‍යාත්මක හේතුවක් නැතිව කඳවුරු වල ඉන්න ජනතාවට කියනවා ආපසු යන්න කියලා අර අවදානමට ලක් වෙච්ච ප්‍රදේශවලට මේක මහ බයන්කාර තත්වයක්. මොන පදනමක් මතද අනතුරුදායක ප්‍රදේශවල ජිවත්වුනු ජනතාව කදවුරු වලට ගෙනත් ආපසු යන්න කියලා කියන්නේ. එක නෙවෙයි වෙන්න ඔනෑ අවතැන් වු ජනතාව නැවත පදිංචි කිරිමේ වැඩපිලිවෙලක් යම් විදිමත් වැඩපිලිවෙලක් ඒ අයට ඉඩ කඩම් ලබා දිලා ඒ අයට හොඳ ගෙයක් හදා ගන්නට ශක්තිය ලබා දිලා තමන්ගේ ජීවන උපාය කරගෙන යනන්ටත් වැඩ පිළිවෙලක් සකස් කර යුතුව පවතිනවා. රජයට මේ කිසිම එකකට විසදුම් නැහැ. ආණ්ඩුව කටින් කියන කිසිම මුදලක් ජනතාවට ලැබිලා නැහැ කිසිම ප්‍රතිසංස්කරණයක් කරලාත් නැහැ. මාර්ග පිලිසකර කිරීම හරියට සිදු කරනවාද ? නැහැ. ඒවාට උත්තර දන්නේ ජනතාව ජනතාව දැන් විවිධ ප්‍රදේශවලින් ඒ නොලැබුණු දේවල් තමන්ගේ ජීවත් විමේ ගැටලුව ගැන කියනවා.

ඒ නිසා රජය මේ සහන ජනතාවට ලබා දිලා කටයුතු කරන්න විපතට පත් වු ජනතාව තමයි දන්නේ ඒ අය විදින දුක වේදනාව. ඒ අය විදින කණගාටුව මහා කෙදනිය තත්යක් තියෙන්නේ. රජයත් හිතන්න ඔනෑ අවතැන් වු ජනතාවගේ මාන්සිකත්වය අනිවාර්යෙන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන ක්‍රීයාත්මක කරන්න ඔනෑ. ඒ අයට නිවාස ජීවන උපාය දූ දරුවන්ගේ අයිතිවාසිකම් අධ්‍යාපන අයිතිවාසිකම් සෞඛ්‍ය අයිතිවාසිකම් ඇතුලු මානව අයිතිවාසිකම් ලබා දිය යුතුව පවතිනවා.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට