Sri Lanka
පුත්තලම දිස්ත්‍රික්කයේ වගා බිම් හෙක්ටයාර් 8566 කට හානි
2025-12-18 06:25 PM
හදිසියේ ඇතිවූ ගංවතුර සහ ආපදා තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වගා බිම් හෙක්ටයාර් 8566 කට හානි සිදුවී ඇති බව පූත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සුභාෂිණී රත්නායක මහත්මිය පැවසුවාය. එසේ හානියට පත් වගාවන් සදහා රුපියල්මිලියන 1385 ක මුදලක් වන්දි ලෙස ගොවීන්ට ලබා දීමට සැළසුම් කර ඇති බවද නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය කියා සිටියාය.

පසුගිය දිනවල ඇතිවු ගංවතුර සහ ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 6403 කට හානි සිදුවී ඇත. පුත්තලම දිස්ත්‍රික්කය තුළ වසරේ මහ කන්නයේදී හෙක්ටයාර් 17256 ක වී වගා කිරීම සිදු කරයි. එසේ වගා කරණ කුඹුරු වලින් වී මෙට්‍රික් ටොන් 72,475 ක දළ අස්වැන්නක් බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය කියා සිටියාය.

නමුත් ජල ගැලීම් හේතුවෙන් කුඹුරු විනාශ වීම නිසා අස්වැන්නේ යම් අඩුවක් ඇති විය හැකි බවද ඇය කියා සිටියාය. කෙසේ වෙතත් හානියට පත්වූ කුඹුරු වලින් හෙක්ටයාර් 2140 ක නැවත වී වගා කර ඇති බවත්, සෙසු කුඹුරු වල අතිරේක භෝග වගා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නිලධාරීන් අධ්‍යයනය කරමින් සිටින බවද නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය කියා සිටියා.හානියට පත්ව ඇති කුඹුරු හෙක්ටයාර් එකක් සදහා රුපියල් 1,50,000 ක වන්දි මුදලක් ගොවීන්ට නිදහස් කරණ බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සදහන් කලාය.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ වගා කර තිබූ එළවළු සහ පළතුරු හෙක්ටයාර් 2163 කටද ගංවතුර හේතුවෙන් හානි සිදුවී ඇත. කල්පිටිය, කරුවලගස්වැව, නවගත්තේගම, නාත්තන්ඩිය වැනි ප්‍රදේශ වල පුත්තලම දිස්ත්‍රික්කයේ එළවළු සහ පළතුරු වගා කර තිබී ඇත. හානියට පත්ව ඇති එළවළු සහ පළතුරු හෙක්ටයාර් 01 ක් සදහා රුපියල් ලක්ෂ 02 ක මුදලක් සහ අතිරේක භෝග සදහා හෙක්ටයාර් 01 කට රුපියල් 1,50,000 ක මුදලක්ද වන්දි ලෙස ගොවීන්ට ලබා දෙන බවද පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සුභාෂිණී රත්නායක මහත්මිය පැවසුවාය.

ජුඩ් සමන්ත හලාවත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට