Sri Lanka
ගං වතුරෙන් අන් අයගේ දිවි බේරු තරුණයන් ඇගයිමට ලක් කිරීමක්
2025-12-18 06:16 PM
ගංවතුර හේතුවෙන් ජලයෙන් කොටුවී සිටි ජනතාව බේරා ගැනීම සදහා තම දිවි පරදුවට තබා ක්‍රියා කළ තරුණ පිරිසකට උපහාර දැක්වීමට නාත්තන්ඩිය - මැදගොඩ ගම්වාසීන් කටයුතු කරණ ලදි.

මෙසේ උපහාරයට ලක්වුනේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ( පො. එ. පෙ) මන්ත්‍රී අනුර කුමාර මහතා ඇතුළු තරුණ කණ්ඩායමක්ය. වැසි කාලයේදී තුංතොට ඔය පිටාර ගලා යාම සාමාන්‍ය සිද්ධියකි. තුංතොට ඔය පිටාර ගැළු විට තම නිවාස ජලයෙන් යට වන ටව දන්නා නාත්තන්ඩිය - මැදගොඩ සහ අවට ගම්වාසීන් ඊට විකල්පයක් ලෙස තම නිවාස ඉදි කර ඇත්තේ පෙර සූදානමක් ඇතිවය. ඒ නිසා එම ප්‍රදේශයේ ජනතාව වැස්සට හෝ ගංවතුරට බියක් නොදක්වති.නමුත් මෙවර සිදුවුයේ කිසිදු දිනක නොසිතූ දෙයකි. "27 වෙනිදා සාමාන්‍ය ආකාරයට වැස්ස ලැබුණා. අපි වෙනත් අවුරුදු වල වාගේ සාමාන්‍ය විධියට හිටියා. රාත්‍රී වෙන කොට වැස්ස ටිකෙන් ටික වැඩි වෙලා අපේ ගෙවල් යට වෙන්න ගත්තා. එතකොට තමයි අපිට තේරුනේ වැඩේ වැරදුනා කියලා. 28 වෙනිදා තමයි අනුර මල්ලී ඇතුළු කණ්ඩායමක් ඇවිත් අපිව බේරා ගෙන පන්සලට එක්කර ගෙන ගියේ. " මැදගොඩ පදිංචි කාන්තාවක් කියා සිටියාය." වතුර මට්ටම ටිකෙන් ටික වැඩි වෙන කොට මම තමයි අනුර මල්ලිට කථා කරලා කිව්වේ ගමේ අයව බේරා ගන්න කියලා. ඒ අය බෝට්ටුවක් හොයා ගෙන ඇවිත් ගමේ කොටූ වෙලා හිටපු හැම කෙනෙකුවම බේරා ගත්තා.

ඇතැම් අය හිටියේ ගස් උඩ. තවත් සමහරු වහළ උඩ. මැදගොඩ ගමේ පවුල් 04 ක් හැර අනිත් සේරම අය වතුරෙන් කොටු වෙලා ජීවිත ආසාව අතහැරලා ඉන්න කොට තමයි මේ තරුණ අය ඒ සියළුම දෙනාව බේරා ගත්තේ.ඇත්තම කථාව නම් එදා මේ තරුණයෝ කඩිනමින් ක්‍රියාත්මක නොවුනා නම් අද අපේ ගමේ හැම ගෙදරකම සුදු කොඩි දකින්න තියනවා" මැදගොඩ ගම්වැසියෙකු කියා සිටියේය.

මැදගොඩ ගම්වාසීන්ගේ ජීවිත ගලවා ගත් කණ්ඩායමට නායකත්වය දුන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී (පො. එ. පෙ) අනුර කුමාර මහතා තම අත්දැකීම් අප හමුවේ මුදා හැරියේය." මාව ප්‍රාදේශීය සභාවට යවන්න පක්ෂ බේදයකින් තොරව මේ ගම්වල ජනතාව ඡන්දය දීලා දිනවලා දුන්නා. ගමේ මිනිස්සු ජීවිතයයි - මරණයයි අතර සටනක් කරණ කොට මට ගෙදරට වෙලා ඉන්න බැහැනේ. ඒ නිසා තමයි මම වැඩේට බැස්සේ.

මුලින්ම මාරවිල ඉන්න යාළුවෙකුගෙන් බෝට්ටුවක් ඉල්ලා ගත්තා. බෝට්ටූවට අවශ්‍ය ඉන්ධන තවත් යාළුවෙක් දුන්නා. ගමේ ඉන්න සවි ශක්තිය තියන තරුණයින් කීප දෙනෙක් වැඩේට සම්බන්ද වුණා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කිව්වේ හැම කෙනෙකුවම පන්සලට එක්කර ගෙන එන්න, කන්න ටික කොහොම හරි දෙන්නම් කියලා.

සැඩ ජල පහර කපා ගෙන බෝට්ටුව පදින එක අමාරු වැඩක් වුණා. ඒත් වැඩේ අතහැරියේ නෑ. කොහොම හරි කිසිදු කෙනෙකුට අනතුරක් වෙන්න නොදී බේරා ගන්න අපේ කණ්ඩායමට හැකි වුණා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහනයක්"

උපහාර උත්සවය අවසානයේ මැදගොඩ ගම්වැසියන් සියළුම දෙනා තමන්ගේ ජීවිත ගලවා ගත් තරුණ පිරිසට දොහොත් මුදුන් දී තම ස්තූතිය පුද කරණ ආකාරයක්ද දැක ගත හැකි විය.

කථාව ඇත්තය. ගමේ මන්ත්‍රී සිටිය යුත්තේ ගම්මු සමගය.ඒ ඔවුන්ගේ දුක - සැප බෙදා ගන්නටය.රට පුරාම සිටින පළාත් පාලන නියෝජිතයින් ඒ බව තේරුම් ගෙන පක්ෂ බේදයකින් තොරව කටයුතු කළහොත් එය නම් රටේම වාසනාවක් වනවා නිසැකය.

( ප්‍ර. ස. මන්ත්‍රී අනුර කුමාර මහතාට උපහාර දැවූ අයුරු සහ ඔහුගේ කණ්ඩායමද ඡායාරුප වලින් දැක්වේ.)

ජූඩ් සමන්ත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට