Sri Lanka
ආපදා නිසා රාජකාරියට නොපැමිණි රාජ්‍ය සේවකයන්ට අදාළ චක්‍රලේඛයක් නිකුත් කෙරේ.
2025-12-16 01:09 PM
ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු‍ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව විශේෂ නිවාඩු ලබාගැනීම සඳහා තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය, සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කල යුතු වනවා.

මෙම නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලට අදාළව පමණක් සිදුකර ලෙසයි අදාල චක්‍රලේකයෙන් දැනුම් දී ඇත්තේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට