Sri Lanka
ජපානය නායයෑම් පරදවන තාක්ෂණය
2025-12-14 04:33 PM
ජපානය නායයෑම් පරදවන හැටි - Shotcrete Grid Beam තාක්ෂණය!

ජපානය යනු ස්වභාවික ආපදා, විශේෂයෙන් භූමි කම්පා සහ නායයෑම් බහුලව සිදුවන රටකි. නමුත් ඔවුන් සතු දියුණු ඉංජිනේරු තාක්ෂණය නිසා එම ආපදා අවම කරගැනීමට ඔවුන් සමත් වී තිබේ.

අද අපි කතා කරන්නේ එවැනි එක් සුවිශේෂී තාක්ෂණයක් ගැනයි. ඒ තමයි Shotcrete Grid Beam System එක. මොකක්ද මේ Shotcrete Grid Beam System එක? සරලවම කිව්වොත් මෙය කඳු බෑවුම් ආරක්ෂා කිරීමට යොදන "කොන්ක් රීට් දැලක්" වැනි ක්‍රමයකි. මෙහිදී සම්පූර්ණ කන්දම කොන්ක්රීට් දමා වැසීමක් සිදු නොකරයි. ඒ වෙනුවට ජාලයක් (Grid) ලෙස කොන්ක්රීට් බාල්ක (Beams) යොදා පස සවිමත් කිරීම සිදු කරයි.

මෙම ක්‍රමයේ ඇති වාසි මොනවාද? සම්ප්‍රදායිකව බැම්මක් බැඳීමට වඩා මෙම ජපන් ක්‍රමවේදය ඉතා සාර්ථක වීමට හේතු කිහිපයක් තිබේ. පසෙහි ස්ථාවරත්වය (Stability) මෙම කොන්ක්රීට් රාමුව මගින් ලිහිල් පස් තද කර තබා ගන්නා අතර, බොහෝ විට මෙහි අත්තිවාරම ගැඹුරු පාෂාණ ස්ථරයටම සම්බන්ධ කරනු ලබයි (Ground Anchors).
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට