වැසි ජලය බැස නොයාම හේතුවෙන් හලාවත මහා රෝහලට රුපියල් මිලියන 1200 කට වැඩි හානියක් සිදුවී ඇති බවත්,පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල සහායද ඇතිව මෙම රෝහල කඩිනමින් නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පැවසීය.එම අසීරු අවස්ථාවේ තම ආරක්ෂාව ගැන නොතකමින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ වෛද්‍යවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට රජයේ විශේෂ ස්තූතිය හිමිවන බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.
පසුගියදා ඇති වූ ජල ගැලීම හේතුවෙන් හලාවත දිස්ත්‍රික් මහා රෝහලට දැඩි හානි සිදු විය.ජල ගැලීම සිදු වන අවස්ථාවේ රෝහලේ සිටි සියළුම රෝගීන්ව ආරක්ෂා සහිතව වෙනත් රෝහල් වෙත යැවීමටද කටයුතු කරන ලදි.ඒ සදහා ගිලන් රථ මෙන්ම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාද යොදා ගෙන තිබුණි.
හලාවත මහා රෝහලට සිදුවී ඇති හානිය නිරීක්ෂණය කිරීම සදහා පැමිණි ඇමතිවරයා මෙසේද කියා සිටියේය.
හලාවත මහා රෝහලට සිදුවී ඇති විනාශය අද අපි අධ්‍යයනය කලා.වැසි ජලය බැස නොයාම නිසා රෝහලේ තිබූ වෛද්‍ය උපකරණ,ඖෂධ ඇතුළු බොහෝ දේ විනාශ වී ගොස් තියනවා.සිදුවී ඇති හානිය රුපියල් මිලියන 1200 කට වැඩි බවයි මේ වන විට තක්සේරු කර තිබෙන්නේ.
මෙම රෝහල සංවර්ධනය කිරීම සදහා රජය විසින් පසුගිය අය වැය දී රුපියල් මිලියන 650 ක මුදලක් වෙන් කර තිබෙනවා.එම මුදලින් රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිලි දෙක කඩිනමින් අවසන් කිරීමට අදහස් කර තිබෙනවා.ඒ අනුව එම වාට්ටු සංකීර්ණය ලබන වසරේ නොවැම්බර් මාසය වන
විටත්,සෙසු ගොඩනැගිලි තවත් වසර 02 ක් වැනි කාලයකදීත් අවසන් කළ හැකි වනවා.
මෙවන් හානියක් නැවත සිදු නොවන ලෙස අපි කටයුතු කළ යුතු වනවා. වෛද්‍ය උපකරණ ඇතුළු වටිනා දෑ නැවත ජල ගැලීමකදී හානියක් නොවන ස්ථානයක ස්ථාපනය කිරීමට අපි වගබලා ගත යුතු වනවා.
පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව සදහා ජපනයෙන් පැමිණි වෛද්‍ය කණ්ඩායමක් හලාවත පොලිස් ක්‍රීඩාංගනයේ විශේෂ ජංගම රෝහලක්ද ස්ථාපනය කර තිබුණි.එම ජංගම රෝහලද ඇමතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදි.
ඉකුත් 04 වැනිදා ආරම්භ කරන ලද මෙම ජංගම රෝහල 15 වැනිදා දක්වා ක්‍රියාත්මක විය.එම රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙදියන්,ඖෂධවේදීන්,රසායනාගාර විශේෂඥයින්,විකිරණවේදීන්, සැපයුම්කරුවන්,සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් 31 දෙනෙක්ද,15 දෙනෙකුගෙන් සමන්විත සහායක කණ්ඩායමක්ද ඇතුළත්ව සිටියේය.මෙම ජංගම රෝහල තුළ දිනකට 100 දෙනෙකුට වැඩි රෝගීන් පිරිසකට පසුගිය කාලය තුළ ප්‍රතිකාර ලබා දී ඇත.
ජපන් ජංගම රෝහල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.
අපේ රටට කිසියම් ආපදාවක් වූ විට මුලින්ම ඉදිරිපත් වන රටවල් අතරින් ජපානයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්.රටවල් කීපයකින් අපේ රටට විශේෂ වෛද්‍ය කණ්ඩායම් පැමිණියා.ඔවුන් අතරින් මුලින්ම පැමිණියේ ජපානයේ වෛද්‍ය කණ්ඩායමයි.එම වෛද්‍ය කණ්ඩායමටත්,ජපාන රජයටත් අපි විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතුයි.
දිවයින පුරා පිහිටි රෝහල් කීපයක්ම මේ ආකාරයට ආපදාවන් වලට ලක්වන සහ අවදානමක් ඇති බවට අපි මේ වන විට හදුනා ගෙන තිබෙනවා.එම රෝහල් සුදුසු වෙනත් ස්ථාන වලට රැගෙන යාමේ හැකියාව පිළිබදවද අපි අධ්‍යයනය කරමින් සිටිනවා.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ගිහාන්,ගයාන් ජානක,හිරුණි විජේසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාවෝ පාණ්ඩව්,ජපාන තානාපති අකියෝ ඉසෝමාටා,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්
අසේල ගුණවර්ධන යන මහත්මා මහත්මීන්ද සහභාගි විය.
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට