Sri Lanka
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී මිය ගිහින්
26 | 2025-07-18 09:12 AM
අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී ඇත. අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5.30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත. ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටින අතරතුර වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණත් නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවටද ගම්වාසීන් චෝදනා කරනවා. වන අලි නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණානම් මෙවැනි විපතක් ඇති නොවන බවද කියයි. මෙලෙස මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බව වනජීවී නිලධාරීන් සඳහන් කරනවා.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර