“දිට්වා” සුළි කුණාටුවත් සමග කලාඔය පිටාර ගැලීම නිසා විනාශ වී තිබූ නීලබැම්ම ව්‍යාපාරයේ වගා කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව නීලබැම්ම නේවාසික ව්‍යාපාර කළමණාකරු එච්.එම්.දිසානායක මහතා සදහන් කරයි.
කලාඔය හරස් කර බැම්මක් බැද ජලය ලබා ගෙන වගා කටයුතු සිදු කිරීමට දුටුගැමුණු රජ සමයේදී “නීල මහා යෝධයා” කටයුතු කර ඇත.එම වාරි මාර්ග පද්ධතිය නීලබැම්ම ව්‍යාපාරය බවට පත්ව ඇත.කාලයාගේ ඇවෑමෙන් අබලන්වී තිබූ නීලබැම්ම ව්‍යාපාරය 1980 දශකයේදී හිටපු ඉඩම් රාජ්‍ය ඇමතිවරයෙකු වන අශෝක වඩිගමංගව මහතා විසින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලදි.ඒ අනුව කලාඔය හරස් කර පෙර තිබූ ස්ථානයේම අමුණක් බැද එම ස්ථානයේ සිට ඔට්ටුපල්ලම වැව දක්වා ස්ථාපනය කරන ලද කිලෝ
මීටර් 13 ක් වන ඇල මාර්ගයක් ඔස්සේ ජලය සම්පාදනය කිරීම සිදු විය. නීලබැම්ම ව්‍යාපාරයේ විශේසත්වය වනුනේ සියළුම වගා කටයුතු සිදු වන්නේ උස්සාන වාරිමාර්ග ක්‍රමයට වන බැවිනි.
මෙම ව්‍යාපාරය යටතේ යල මහ දෙකන්න වලදී මෙන්ම අතරමැදි කන්නයකදී එක් වරකට අක්කර 2000 කට වැඩි වගා කටයුතු සිදු කරති.තවත් පිරිසක් විදේශ වෙළද පළ ඉලක්ක කර ගනිමින් අක්කර 600 ක පමණ විවිධ පළතුරුද නීල බැම්ම ව්‍යාපාරය තුළ වගා කරති.
පසුගියදා ඇති වූ සුළි කුණාටුව සහ ජල ගැලීම හේතුවෙන් මෙම වගා බිම් සියල්ල විනාශ වී ගොස් ඇත.ගොවි පවුල් 550 ක් පමණ පදිංචිව සිටි නිවාසද හානියට පත්වී ඇත්තේ ඔවුන් අවතැන්වූවන් බවට පත් කර කදවුරු වලට සීමා කරමිනි.
ජල ගැලීම හේතුවෙන් නීලබැම්ම ව්‍යාපාරයේ වගා බිම් සදහා ජලය ලබා ගැනීමට ස්ථාපනය කර තිබූ ජල මෝටර් වලට හානි සිදු විය.එම ජල මෝටර් ක්‍රියාත්මක කිරීම සදහා විදුලිය සම්පාදනය කිරීමට යොදා තිබූ විදුලි රැහැන් සියල්ල හානියට පත් වී ගියේය.
නීලබැම්ම ව්‍යාපාරයේ නේවාසික කළමණාකරු එච්.එම්.දිසානායක මහතා වත්මන් තත්ත්වය පිළිබදව මෙසේ කියා සිටියේය.
“සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් කඩා වැටුණු නීලබැම්ම ව්‍යාපාරය් ජන ජීවිතය නැවත නගා සිටුවීම
සදහා අවශ්‍ය කටයුතු අප විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යලය, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතන වල නිලධාරීන් ඒ සදහා අවශ්‍ය සහාය ලබා දෙමින් සිටිනවා.විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් දින කීපයක් ඇතුළත කඩා වැටී තිබූ සියළුම
විදුලි පද්ධතීන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කලා.
එමෙන්ම පීඩාවට පත්වූ ගොවීන්ගේ මනස යථා තත්ත්වයට පත් කිරීමට අපි මුලින්ම කටයුතු කලා.කුමන ආකාරයේ ස්වාභාවික විපතක් සිදු වුවත් ඊට මුහුණ දී නැවත නැගිටින්න මිනිසුන්ට හැකියාව තිබෙන බව අපි මේ ජනතාවට කියා දුන්නා.ඒ අනුව නීලබැම්ම ව්‍යාපාරයේ ජනතාව මේ වන විට ක්‍රමයෙන් නැගිටිමින් සිටිනවා.විවිධ රාජ්‍ය නොවන සංවිධානද මේ සදහා අපිට සහාය ලබා දෙනවා.මගේ විශ්වාසයේ හැටියට වැඩි දිනක් ගත වන්නට පෙර පෙර තිබුණාටත් වඩා සශ්‍රීක බිමක් බවට නීල බැම්ම ව්‍යාපාරය ගොඩ නැගිය හැකියි”.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට