Sri Lanka
තිබුනට වඩා හොද නුවරඑලියක් හදනවා...
2025-12-13 06:12 PM
දිට්ටා සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට විශාල විනාශයක් සිදු වූ බවත්, නුවරඑලිය තිබුණු තත්වයට වඩා හොද තත්වයේ තිබෙන නුවරඑලියක් බවට පත් කිරිමට සියලු දෙනා එක් වි කටයුතු කල යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මිය පැවසීය.

අග්‍රාමාත්‍යවරිය එ බැව් කියා සිටියේ (13) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඇතිවූ ආබදා තත්වය මත පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරිම සදහා සිනෙසිටා නගර සභා ශාලාවේ පැවති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, කුමන අඩුපාඩුකම් තිබුණද, එම අඩුපාඩුකම් අංගසම්පූර්ණ කර ගන්නා තෙක් ලබා නොසිට තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන ළමුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන ලෙසයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වන මංජුල සුරවීර ආරච්චි, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, අනුෂ්කා තිලකරත්න, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.


රංජිත් රාජපක්ෂ
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට