Sri Lanka
දිට්වා ලංකා සිතියමත් වෙනස් කරලා...
2025-12-12 05:21 PM
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නාය යෑම් සහ ගංවතුර තත්ත්වයේ බලපෑමෙන් ශ්‍රී ලංකා ත්‍රිමාණ සිතියමේ යම් වෙනස්කම් සිදුවිය හැකි බවට මිනුම්පති එන්.කේ.යූ. රෝහණ ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඉහළ අහසේ තක්ෂගත කර ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයන්හි සමීප චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර දිට්වා පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයේ කිලෝ මීටර් 143ක් දූෂණයට ලක්ව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර කියා සිටියේ ගංවතුරින් මෙරට මුහුදට මෙන්ම වෙරළ තීරයට ද දරුණු බලපෑමක් එල්ල වී ඇති බවයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට