Sri Lanka
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට
2025-12-12 05:15 PM
හිටපු කථානායක සහ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත සපුගස්කන්ද පොලිසිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.

හිටපු කථානායකවරයා ඊයේ (11) ගමන්ගත් ජීප් රථය තවත් මෝටර් රථයක ගැටී අනතුරකට ලක්විය.

පොලීසිය පැවසුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී අදාළ අනතුර සිදුව ඇති බවය.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇයගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

පොලිසිය පැවසුවේ අදාළ බිලිඳිය ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කෙරුණු බවය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට