Sri Lanka
කඩා වැටී ඇති සෞඛ්‍ය සේවය රජයට පමණක් ගොඩ දාන්න බැහැ.
2025-12-12 04:22 PM
කඩා වැටී ඇති සෞඛ්‍ය සේවය නැවත නගා සිටුවීමට රජයට පමණක් තනිව කළ නොහැකි බැවින් ඒ සදහා දායකත්වය ලබා දෙන ලෙස විදේශ ගත සෞඛ්‍ය සේවා ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ශ්‍රී ලංකා වෙද්‍ය සංගමයේ සභාපති ළමා රෝග වෛද්‍ය විශේෂඥ සුරන්ත පෙරේරා මහතා පැවසීය.

වැසි ජලය බැස නොයාම හේතුවෙන් හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ ගොඩනැගිළි කීපයක් ජලයෙන් යටවී ගියේය. එම අවස්ථාවේදී ජලයට යටවීම නිසා රෝහලේ වෛද්‍ය උපකරණ සහ ඖෂධ විශාල ප්‍රමාණයකට හානි සිදු විය.සිදුවී ඇති හානිය පිළිබදව සොයා බැලීම සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජිකයින් කණ්ඩායමක් ඉකුත් 10 වෙනිදා හලාවත මහා රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා මෙසේද පැවසීය.

පසුගියදා ඇතිවු අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් හලාවත සහ මහියංගනය රෝහල් වලට හානි සිදු වුණා. සිදුවී ඇති හානිය රුපියල් කෝටි ගනනක්. මෙම රෝහල් කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු වනවා.

හානියට පත්වූ රෝහල් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුත්තට රජය මේ වන විට අත ගසා තිබෙනව. නමුත් මේ වැඩේ රජයට පමණක් තනිවම කරන්න බෑ. ඒ නිසා කළ යූත්තේ කුමක්ද යන්න අධ්‍යයනය කිරීම සදහා තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිලධාරීන් හලාවත මහා රෝහලට පැමිණියේ. අපි අපිට හැකි සෑම සහායක්ම ලබා දෙනවා හලාවත දිස්ත්‍රික් මහා රෝහල යථා තත්ත්වයට පත් කරන්න.

ජුඩ් සමන්ත හලාවත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට