කාලයක් තිස්සේ කතරගම ඉතිහාසය කතරගම සංස්කෘතිය ගවේෂණය කරමින් ලබාගත් අත්දැකීම් දැනුම තුලින් ප්‍රවීන මාධ්‍යවේදී දේවප්‍රිය මහතා විසින් රචිත කතරගම දේව චාරිත්‍ර නම්වූ වටිනා ග්‍රන්ථය එළිදැක්වීම මෙවර 2025 සුරිදුනි කතරගම ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමීව පසුගිය ඇසල පුර පසලොස්වක පොහොයදින එළි දැක්වන ලදි
දේවප්‍රිය මහතා විසින් කතරගම ඉතිහාසය සංස්කෘතිය සම්බන්ධව ඉතාවටිනා පොත් කීපයක් රචනා කර ඇති අතර ඉතිහාසය සංස්කෘතිය අධ්‍යානය කරන පාසල් දරුවන්ටද කතරගම සංස්කෘතිය ඉතිහාසය අධ්‍යානය කරන ගවේෂකයන්ටද දැන ඉගෙන ගැනීමට අවශ්‍ය වටිනා වැදගත් කරුණු රාශියක් මෙම පොත් පරිශීලනය කිරීමෙන් ඔබේ දැනුමට එකතුකර ගත හැක.
පාරම්පරා 04 ක් 1955 සියා කලු ආරච්චි ගේ දොන් ජුලියස් අප්පුහාමි ගසහ කේ.ඩි ජිනදාස 1995 දක්වා කේ.ඩි දේවප්‍රිය 1995 සිට ද සන්දිම දේවප්‍රිය 2025 දක්වා රුහුණු මහා කතරගම දේවාලයේ පාලනය කල බස්නායක නිළමෙි වරැන් 12 දෙනකුට ගෞරවනිය මාධ්‍ය සේවක් ඉටු කිරිමට ක්‍රියා කලා ඒ සම්බන්ධව කෘතවේදී සිහිපත් කිරීමක් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී බස්නායක නිළමෙි තැම්පත් ගරු ඩිෂාන් ගුණසේකර මහතා චාරිත්‍රානුකූලව පවත්වන රාජාසන කතාවේදී සිදු කිරිමද විශේෂත්වයකි.
කතරගම ඉතිහාසය සංස්කෘතියට වටිනාකමක් ලබාදෙමින් ඒවටිනා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමටත් මතු පරම්පරාවටත් කතරගම සංස්කෘතිය රැගෙන යාමට දේවප්‍රිය මහත දරණ උත්සාහය ඇගයීමට ලක්කල යුතුව පවති.
එමෙන්ම ඒ මහතා රට වටා මාධ්‍ය සංවිධානයේද විධායක සභිකයෙකු ලෙස කටයුතු කරමින් සමස්ත රටේ මාධ්‍යවේදින් වෙනුවෙන් විශාල හඩක් නගන ප්‍රවීන මාධ්‍යවේදියෙකි.
මාධ්‍යවේදි සමන් විජය බණ්ඩාර