Sri Lanka
අනවසර ඉදිකිරීම් නවත්වන්නම ඔනෑ - බිමල් රත්නායක හෙම්මාතගමදි කියයි.
2025-12-09 03:59 PM
අනවසර ඉදිකිරීම් කදු වල විතරක් නොවෙයි දැන් නගර වලද ඇති බව හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල මාර්ගයේ නාය ගිය කොටස් නිරීක්ෂණයට පැමිණි මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අද 09 පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසී
කදුකරයේ නාය යෑම් ස්භාවික විවසනයන් කියලා කියන්න පුළුවන්. නමුත් නගරවල කාණු පද්ධති හදලා නැහැ. තිබෙන ඒවා හරියට සුද්ධ කරලා නැහැ. තිබ්බච්ච කාණු වල ගෙවල් හදලා. නැත්නම් තාප්ප හදලා එමෙන්ම ගොඩාක් අනවසර ඉදිකිරීම් තිබෙනවා. නගර ආශ්‍රීත විනාශයේ ලොකු කොටසක් තිබෙන්නේ විශාල වශයෙන් අනවර ඉදිකිරීම් ඒවාට රජයේ ආයතන විසින්ම ඒවාට විවිධ හේතුන් මත අවසර ලබා දිලා තිබෙනවා. ජලය විදුලිය වාගේ සියලු පහසුකම් ලබා දිලා තිබෙනවා ඒවා නිසා ප්‍රශ්නය ඩබල් කරලා තියෙන්නේ.
සමහර මිනිස්සු කදු වල ගස් වැව්වේ නැතත් නොකලත් ඒවා කඩා ගෙන වැටෙනවා. නාගරිකව අනවසර ඉදිකිරිම් වලින් විශාල හානියක් වේලා තියෙනවා. අපි මෙක අවම කරගන්න තැනට වැඩ කරන්න වෙනවා. අපිට මේවා දවසින් දෙකෙන් කරන්න බැහැ. වවම වශයෙන් අවුරුදු දෙක තුනකින් මේ අනවසර ඉදිකිරීම් නවත්වන්නම ඔනෑ. නැතිවුනත් අපි කරන මහන්සිය වැඩක් නැහැ.
හොඳම උදාහරණය සමහර නගර වල අපේ පළාත් පාලන ආයතන තිබුණු තැන් වල කරපු පවිත්‍ර කටයුතු නිසා ඩැමෙජ් අවමයි. මේ කදුකර ප්‍රදේශවලත් මිනිස්සු ජිවත් වෙන්න ඔනෑ ආරක්ෂිත තැන් වල මිනිස්සු ජිවත් කරවන්න ඔනෑ. මධ්‍යම කදුකරයේ සියලුම ජනතාව අපිට ගිහින් ආරක්ෂිත ස්ථාන වල පදිංචි කරවන්න බැහැ. එහෙම කවුරුත් අදහස් කරන්නේ නැහැ.
දේශපාලන බලවතුන් පසුගිය කාලේ බලය භාවිතා කරලා තමන්ට කරගත් වැරදිත් තියෙනවා. තමන්ගේ දේපොල හදා ගන්න. ජන්ද බලාගෙන කරපු අපරාධත් තිබෙනවා. ඒවා නිසා බිලි වේලා තිබෙනවා පොඩි මිනිස්සු ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිත පරිසම් කරගෙන හදිසි අපදා බේරා ගමු. ඊට පස්සේ මාස 6 ක් විතර අරන් අපි තාවකාලික විසදුම් වලට යනවා. සමහර විනාශයන් තිබෙනවා ඒවාට අපි තාවකාලික විසදුම් සේවිම කරන්න බැහැ. ඒවාට තිබෙන්නේ ස්ථිර උත්තරම සොයා ගැනීම පමණි. හංගුරන්කෙත කොත්මලේ වාගේ ප්‍රදේශ වල මිනිස්සුම ඉල්ලනවා ඒ වාගේ ප්‍රදේශ වලින් ඉවත් කරන්න කියලා. ඒවාට අපි ස්ථීර විසදුම් වලට යන්න ඔනෑ. මේ ටික අපි සැලසුමක් අනුව කරා වාගේ ඉතුරු ටිකත් අපි සැලසුමකට කරන්න ඉන්නේ.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට