Sri Lanka
අපදා තත්වයෙන් හිටපු පුත්තලම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකරගේ නිවසටත් හානි
2025-12-09 07:48 AM
මීට පෙර ගංවතුර තර්ජණයන්ට මුහුණ දීලා තියන නිසා මෙවර නිකුත් කළ නිවේදනයන් පිළිබදව අවදානය යොමු නොකිරීම නිසා විශාල විනාශයක් සිදුවූ බව හිටපු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා සදහන් කරයි.

මාඔය පිටාර ගැලීම නිසා පීඩාවට පත්වූ ජනතාව අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතාද සිටී. දංකොටූව - යෝගියානේ පිහිටි ඒ මහතාගේ නිවසද ජලයෙන් යටවී ගොස් ඇත. තමන් පදිංචිව සිටි නිවස ජලයෙන් යටවී ඇදිවතට පමණක් සීමා වී සිටි මන්ත්‍රීවරයා අප එහි යන විටද ප්‍රදේශයේ ජනතාවට සහන සැළසීමේ ක්‍රියාන්විතයේ නිරත වී සිටියේය.

ඇත්තම කියනවා නම් සිදුවූ මේ විනාශයේ වගකීමෙන් කොටසක් ජනතාවත් බාර ගත යූතුයි. අවුරුද්දට එක් වතාවක් මාඔය පිටාර ගලලා දංකොටූව අවට තියන ගම්මාන ජලයෙන් යට වෙනවා. ඒක අපිට සාමාන්‍ය දෙයක්. මෙවර ගංවතුර තර්ජනය ගැන පූර්ව අනතුරු හැගවීම් නිවේදන නිකුත් කරලා තිබූණත් ජනතාව ඒ සමබන්ධයෙන් නොසලකා සිටියේ ඒ නිසයි කියන එක කියන්න ඕනා.

27 වෙනිදා රාත්‍රීයේ තමයි මුලින්ම වතුර එන්න පටන් ගත්තේ. අපි හිතුවේ වෙනත් කාල වල වාගේ මිදුලේ වතුර ටිකක් රැදිලා පසුව බැහැලා යයි කියලයි. 28 වෙනිදා උදේ වෙන විට තමයි තේරුම් ගියේ අපේ සිතුවිල්ල වැරදියි කියලා.

ඒ නිසා අතට ගන්න පුළුවන් දේවල් ටිකක් අරගෙන දරුවොත් කර පින්නාගෙන උස් ස්ථානයක් හොයාගෙන පිටත් වුණා. පසුව ඇවිත් බලන කොට වෙන්න තියන දේවල් සේරම වෙලා ඉවරයි.

මගේ වාහනය, යතුරු පැදිය, බිරිදගේ යතුරු පැදිය ඇතුළු සේරම ජලයෙන් යට වෙලා තිබූණා. ගේ ඇතුළ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරිලා තිබූණා. ඇදුම්, දරුවන්ගේ පාසල් පොත් පත් ඇතුළු සියල්ලම විනාශ වෙලා.

දැන් ඉතිං ජීවිතය නැවත ආරම්භ කරන්න වෙනවා. නමුත් මේ ගංවතුර හේතුවෙන් මට වැඩිය පීඩාවට පත්වු මිනිස්සු ඉන්නවා. ඒ නිසා තමයි මගේ ගෙදර පිරිසිදු කිරීම බිරිදට බාර දීලා මම අවට පදිංචිකරුවන් ගැන සොයා බලන්නේ." යැයි හිටපූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා කියා සිටියේය.

ජුඩ් සමන්ත හලාවත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට