Sri Lanka
අපදාවට ලක් වුවන්ට කන්දේ අලුත්ගම කන්දේ විහාරයෙන් වියළි ආහාර බෙදා දෙයි.
2025-12-09 07:03 AM
පැවති අයහපත් කාලගුණයෙන් පීඩාව්ඳී දිඹුලාගල ම්ල්ලාන ප්‍රදේශයේ ජනතාව පදිංචි නිවෙස් වෙත වැඩම කර ඓතිහාසික අලුත්ගම කන්දේ විහාර ක්ෂේත්‍රාරාම පරිවේණාධිපති සහබේරුවල කාලාවිල ශ්‍රී සුදර්ශනාරාමවිහාරාධිපති රාජකීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද හිමියන් ,සාමණේර හිමිවරු ඇතුළු පිරිසක් එම ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් , ප්ලාස්ටික් පැදුරු, කොට්ට, ඇඳුම් ආයිත්තම්, සනීපාරක්ෂක භාණ්ඩය,පාසල් දරුවන්ට පොත්පත් ඇතුළු භාණ්ඩ රැසක් බෙදා දීම ඉරුදින සිදු කළහ. ඓතිහාසික කන්දේ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ බටුවන් හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත ගුරු මාහිමියන්ගේ (6) දිනට යෙදුණු හත්වන ගුණානුස්මරණ සැමරුම් පින්කමට සමගාමීව මෙම සත්කාරය ඉරුදින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට යාබද මිල්ලාන ග්‍රාමයේදී සිදු කර බව කන්ද විහාර පරිවේනාධිපති කාලව්ල සුදර්ශනාරාමාධිපතිරාජකීය පණ්ඩිත දාපනේ මහින්ද හිමියන් පැවසීය. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ තොගය සෙනසුරාදා රාත්‍රියේ බේරුවල කාලව්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරයේදී පාර්සල් ලෙස සකස් කරහ.. අලුත්ගම තුසිත කුමාරද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට