Sri Lanka
කඩා වැටීමකට ලක්ව තිබූ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ තිබූ කොන්ක්‍රිට් පාලම වෙනුවට නව යකඩ පාලමක්
2025-12-05 09:56 AM
කඩා වැටීමකට ලක්ව තිබූ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ තිබූ කොන්ක්‍රිට් පාලම වෙනුවට නව යකඩ පාලමක් ස්ථාපනය කර ගමනා ගමන කටයූතු නැවත ආරම්භ කළ බව පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය සදහන් කරයි.

පැවති අයහපත් කාලගූණික තත්ත්වය හේතුවෙන් එම පාලම බිදී ගොස් තිබුණි. මෙම හේතුවෙන් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සියළු ගමනා ගමන කටයුතු ඇණ හිට තිබුණි.

යුධ හමුදා සාමාජිකයින්, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයද නව පාලම කඩිනමින් ඉදි කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියට සහාය ලබා දී තිබූණි.

ජූඩ් සමන්ත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට