Sri Lanka
ශ්‍රී ලංකාවට අත දෙන්න Apple සමාගමත් එක්වෙයි
2025-12-03 10:19 AM
ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන Apple සමාගම, ආසියාවේ රටවල් කිහිපයක සිදුවූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාව සඳහා මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කරන බව නිවේදනය කර තිබෙනවා.

මෙම ආධාර මගින්, හොංකොං හි සිදුවූ ගොඩනැගිලි ගිනිගැනීම් කිහිපයක්, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් පුරා ඇතිවූ දරුණු කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට අපේක්ෂා කෙරෙනවා.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව පණිවිඩක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,"තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව හරහා හමාගිය කුණාටු හේතුවෙන් ප්‍රජාවන් විශාල වශයෙන් විනාශ වී ඇත. Apple හි අපි පීඩාවට පත් සියලු දෙනා ගැන සිතන අතර, බිම් මට්ටමේ සහන සහ ගොඩනැගීමේ කටයුතු සඳහා දායක වනු ඇත."
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට