Sri Lanka
අවතැන් වුවන් වෙනුවෙන් පෙරට ආ හෙම්මාතගම අපේ අය
2025-12-02 07:27 PM
අයහපත් කාලගුණ තත්වය නිසා මේ වන විට සුරක්ෂිත ස්ථාන වල දිවි ගෙවන ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර දින කිහිපයක් තිස්සේ සපයමින් ඔවුන්ගේ දුක සැප සොයා බලා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හෙම්මාතගම වෙළෙඳ සංගමය සහ පල්ලිපොරුව ජනතාව සිය දායකත්වය ලබා දුන්නා.
ප්‍රදේශයේ ජල සැපයුම් අඩාල වි ඇති අතර ඒ සඳහා හෙම්මාතගම පල්ලිපොරුව මුස්ලිම් ජනතාව එක්ව තමන්ගේ වාහාන යොදාගෙන එම පානීය ජල අවශ්‍යතාවය සුරක්ෂිත මධ්‍යස්ථාන වලට මෙන්ම නිවාස වලට සපයමින් අවශ්‍ය කටයුතු මේ දින පුරා සිදු කරයි.
මෙවැනි අවස්ථාවකදි ඔවුන් ඒ සිදු කරන ලද සත්කාරය බොහෝ එම ජනතාවගේ ප්‍රසාදයට හේතු වු අතර මෙවැනි විපත් අවස්ථාවලදි හෙම්මාතගම වෙළෙඳ සංගමය මුස්ලිම් ප්‍රජාව මෙන්ම ප්‍රදේශයේ ජනතාව දැක්වු විවිධ උපකාරයන් වලට එම ජනතාව සිය ප්‍රසාදය පල කරන්නේය.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට