මෝටර් කාර් රථයක් වෙන්නප්පුව - කොස්වත්ත,රත්මල්ඔයට පෙරළී යාමෙන් එම රථයේ ගමන් කළ පිරිමි අයෙකු සහ කාන්තාවක් මිය ගොස් ඇත.
26 වැනිද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය - මානිංගල පදිංචිව සිටි චන්ද්‍ර නලීන් කුමාරසිරි වික්‍රමසිංහ (අවු:38) සහ නාත්තන්ඩිය - දුන්කන්නාව පදිංචිව සිටි පොන්නම්පෙරුම ආරච්චිගේ මිහිරි මහේෂිකා (අවු:41) නම් දෙදෙනෙකි. මිය ගොස් ඇති දෙදෙනා සමීප මිතුරන් බව පොලීසිය කියයි.
අනතුරට පත්ව ඇති මෝටර් රථය නාත්තන්ඩිය - සන්දනම්ගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් තිබෙන විට ලිස්සා ගොස් රත්මල්ඔයට පෙරළී ඇති බව පොලීසිය කියයි.ප්‍රදේශවාසීන් විසින් අනතුරට පත් රථයේ සිටි පිරිමි අය
සහ කාන්තාව එම අවස්ථාවේදීම ගොඩට ගෙන ඇති නමුත් ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිට ඇත.
මිය ගොස් ඇති අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මාරවිල මූලික රෝහලට ගෙන ගොස් ඇත.
කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට