Sri Lanka
බෙන්තොට පැරැණි පාලම ගිලාබසි.
2025-11-27 10:27 AM
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බස්නාහිර සහ දකුණු පළාත් වෙන්වෙන බෙන්තොට පැරණි පාලම් දෙකෙන් එක් පාලමක් අයහපත් කාලගුණය හේතුවෙන් ගිලා බස ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. අද27අලුයම 300/400 අතර ඇති වූ තද සුළඟත් සමග මෙම පාලම ගිලා බැසීමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි. මෙම පැරැණි ගාලු පාර සහිත පාලම 1902 වර්ෂයේ ඉදිකර ඇති බවට සාක්ෂි තිබේ. මෙම පාලම සංරක්‍ෂණයකිරීමට කටයුතු කරන්නයි වසර ගණනාවක සිට බෙන්තොට සංචාරක පුරවරයේ ප්‍රදේශවාසීන් වගකිවයුතු අංශවලින් ඉල්ලීම් කර තිබේ. මෙම පාලම කඩා වැටීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව බෙන්තොට පොලිසිය කියයි.

Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට