Sri Lanka
අරණායක සාමසර කන්දේ අවතැන් වුවන් පදිංචි කර සිටින ප්‍රධාන මාර්ගය නාය ගිහින්
2025-11-27 10:18 AM
අරණායක සාමසර කන්දේ අවතැන් වුවන් පදිංචි කර සිටින මාවනැල්ල, අඹදෙනිය අරකොට වැල්ල ගම්මානයට යන එකම මාර්ගයේ පාලමක් නාය ගොස් ඇත. මේ නිසා අද 27 ගම්මානයේ බොහෝ දෙනෙකුට සිය කටයුතු කර ගැනීමට අපහසු වි ඇති බව එහි ගිය අපට ඔවුන් පෙන්වා දෙන ලදි.
අරකොට වැල්ල නව ගම්මානයේ පවුල් 200 කට ආසන්න පිරිසකට සහ අරකොටවැල්ල ගම්වැසියන්, දහනකමුල්ල, බමුණාගම, වේරගොඩ, මීයනපලාව වැනි ගම්මාන වල දහස් සංඛ්‍යාත පිරිසකට මෙම පාලම කඩා ගෙන යෑමෙන් සිය කටයුතු වලට බාධා එල්ල වි ඇත.
තවද අනික් පැත්තේ ඇති වාහාන ප්‍රධාන මාර්ගයට ගැනිමටද නොහැකි තත්වයක් ඇති වි ඇති අතරම අඹදෙනිය අරකොටැවල්ල ගම්මානය පිවිසෙන්නට ඇති ප්‍රධාන පාලමද මේ වන විට උතුරා ගොස් ඇති අතර මෙම ඔය මා ඔය දක්වා ගලා ගෙන යන කුඩා ඔය ලෙස හදුන්වයි.
මෙම කොටස මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාංශයට අයත් වන අතර ජනතාව මෙම පාලම නඩත්තු කිරීමට අවස්ථා කිහිපයකදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඒ පිළිබඳව කිසිම අවදානයක් යොමු නොකරන ලද බවද එහි ගිය මාධ්‍යවේදීන්ට පෙන්වා දෙන ලදි.

ජායාරූප සටහන මාවනැල්ල සමන් විජය බණ්ඩාර
විඩීයෝ නැරඹිමට පහත ෆෙස්බුක් ලින්ක් එක මත ක්ලික් කරන්න..
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට