Sri Lanka
පහල කඩුගන්නාව අද රාත්‍රී 10 පසු නැවත වැසෙයි.
2025-11-26 09:11 PM
මාවනැල්ල පොලිස් වසමේ මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ වෙලඳ සැලක් මතට ගලක් හා පස්කන්දක් පෙරලීමේ සිදුවීම හා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් ගිලා බැසීම හේතුවෙන් 2025.11.22 දින සිට වසා දමා තිබු ගනේතැන්න සිට කඩුගන්නාව දක්වා මාර්ගය 2025.11.26 අද දිින පැය 1030 ට පමණ මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනා ගමනය සදහා විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කරන ලදි.

නමුත් පවතින වර්ෂාපතනය අඩුවක් නොමැතිවීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කරන ලද දැනුම් දීමට අනුව 26 වන දින පැය 22.00 සිට නැවත දැනුම් දෙනතුරු මාර්ගය වසා දැමිමට දිස්ත්‍රික් ලේකම් වරයා විසින් කටයුතු කර ඇත.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට