පසුගියදා සිදු වු නාය යෑම් සහ ගල් පෙරලිම් නිසා අවදානම් තත්වයකට මුහුණ දුන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වාහාන ගමනාගමනය මාවනැල්ල මහත්තේගම දක්වා සහ කඩුගන්නාව නගරය දක්වා පමණක් සීමා විය. පසුව අද 26 වැනි දින මාර්ගයේ එක් මං තීරුවක් වාහාන ගමනාගමනය සඳහා විවෘත විය.
මෙම මාර්ගයේ 96 සහ 99 අතර කි.මි සීමාව තුල වාහාන නැවැත්විමකින් තොරව ධාවනය කිරීම සහ අතව්‍යශය කටයුතු වෙනුවෙන් පමණක් මාර්ගය භාවිතා කර හැකි අතර හැකි තරම් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටද ජනතාව මාධ්‍ය හරහා දැනුවත් කර තිබුණි. තවද වාහාන නැවතිමකින් තොරව යන ලෙසද ජනතාව දැනුවත් කර ඇත.
වාහාන ගමනා ගමනය සඳහා උදෑසන 9 පසු වි අවස්ථාව උදා වි තිබුණත් මෙම මාර්ගයේ නාය ගිය වෙළෙඳ සැල අසල ඉදිරිපිට වැලි ගොට්ට තබා නැවත නාය යෑමක් සිදු වුව හොත් අනික් මං තීරුව තරමක් ආරක්ෂිත වන ලෙස සකස් කර තිබුණි. නමුත් වෙළෙඳ සැලට උඩින් පිහිටි මහ විශාල ගල තවමත් එම වෙළෙඳ සැල උඩ එසේම පවති.
තවද නාය ගිය වෙළෙඳ සැල ඉහළින් ඇති කුඩා ගල් කුට්ටිද කන්දේ තැනින් තැන පවති. ඒවා අද 26 උදෑසන දක්වාම ඉවත් කිරිමක් හෝ පිපිරවිමක් සිදු කර නොමැති බව එහි ගිය අපට දකින්නට ලැබුණි. තවද එම මාර්ගයේ පළතුරු කඩ පේලියට ඉහළින් අනතුරුදායක මහ විශාල ගස් කපා ඉවත් කරන අයුරුද දක්නට ලැබුණි.
පළතුරු කඩ පේලියට ඉහළින් ප්‍රධාන මාර්ගයේ නාය ගිය ස්ථානයේ වැලි ගොට්ට යොදා සකස් කර ඇති අතර නමුත් තද වැසි අවස්ථාවේ මාර්ගය දිගේ පැමිණෙන ජලය එම ස්ථානයෙන් පහත් බෑවුමට ගලා ගෙන යන අන්දමද අපිට නිරීක්ෂණය විය. තවද එම මාර්ගයේ ආරක්ෂක වැට යොදා ඇති පැති කිහිපයකම ඉරි තැලිම් පවතින අතර ගල විදපු ස්ථානයේ සිට නාය ගිය ස්ථානය දක්වාම මාර්ගයේ බැවුම දෙසට වන්නට සුළු වශයෙන් නාය ගිය ස්ථාන පවති.
ජායාරූප සහ සටහන මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර