Sri Lanka
මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල විකල්ප මාර්ගය
2025-11-25 07:18 PM
පහල කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වු නාය යෑම නිසා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ හිගුල ප්‍රදේශයෙන් සහ කඩුගන්නවා නගරයෙන් මාර්ගය වසා දැමිම සිදු කරන ලද අතර ඒ සඳහා විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය මගින් හදුන්වා දී තිබුණි.
ඉන් එක් මාර්ගයක් වන්නේ මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල නගරයට පිවිසිමට ඇති මං තීරු දෙකක් සහිත මාර්ගයයි. මෙම මාර්ගය 2019 ජනවාරි 17 වැනිදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරන ලද මාර්ගයකි.
මෙම මාර්ගය භාවිතා කරන කෙනෙකුට මාවනැල්ල නගරයේ සිට ගම්පොල නගරය දක්වා පිවිසෙන්නට කිලෝමිටර් 27 ක දුරක් ගමන් කර යුතු අතර එතන් සිට නුවරඑළිය, හැටන නාවලපිටිය නගර දක්වා පහසුවෙන්ම ගමන් කර හැකි මාර්ගයකි.
එමෙන්ම මහනුවර නගරය දක්වාද ගම්පොල සිට පහසුවෙන් ලගා විය හැකි අතර විශේෂයෙන් මෙහි ඇති පහසුව වන්නේ වාහාන තදබදයකින් තොරව සුන්දර වටපිටාවක් සහිත අම්බුළුවාව කදු මුදුන හරහා ගම්පොල දක්වා ගමන් කිරීමට හැකියාව පැවතීමයි.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගොස් කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය, ගෙලිඹය, වැලිගල්ල හරහා ගම්පොල දක්වා සමහර නගර වල වාහාන තදබදය සමග කිලෝමිටර් 10 කට ආසන්න දුරක වැඩි දුරක් ගමන් කරමින් ගම්පොලට පිවිසෙනවාට වඩා ඉහත මාර්ගය ඉතා පහසු මාර්ගයකි.
එමෙන්ම මාවනැල්ල පසු කරද්දි හෙම්මාතගම නගරය හමු වෙන අතර එතන් සිට බලත්ගමුව දක්වා ගොස් අම්බුඵවාව දක්වා ඇත්තේ තරමක කදු සහිත ගමන් මාර්ගයකි. එතන් සිට ගම්පොල නගරය දක්වාම ඇත්තේ පල්ලම් සහිත මාර්ගයක් වන අතර සම්පුර්ණයෙන් මෙම මාර්ගය මං තීරු දෙකක් ලෙස සංවර්ධන කර ඇත.
මුලින්ම මෙහි ගමන් කරන වාහාන රියදුරෙකුට මෙය තරමක අපහසු මාර්ගයක් ලෙස සිතෙන නමුත් මාර්ගය හුරු වු පසුව හෙම්මාතගම ගම්පොල දක්වා ගමන් කරන දෛනික බස් රියදුරෙක් ලෙස ඉතා පහසුවෙන් මාර්ගයේ ගමන් කරයි.
ලංකාවේ මිට වඩා අපහසු මාර්ග පද්ධති තිබෙන අතර දෛනික ගමන් මාර්ග ඒ තුල සිදු වෙයි. ඒ නිසා මෙම මාර්ගය රටේ ප්‍රසිද්ධ විය යුතු මාර්ගයක් සේම රටේ දියුණුවට මෙම මාර්ගයේද දුර ගමන් සේවා බස් රථ ගමනා ගමනය කිරීම මගින් මෙම ප්‍රදේශ වල සංවර්ධනයක්ද සිදු වෙයි.
තම ජීවිතයේ එක් වරක් හෝ යා යුතු බව විදෙස් ජාතිකයන් එම රට වලදි හිතන අම්බුළුවාවද ඔබට මෙම මාර්ගයේදි හමු වෙයි.
මෙම මාර්ගයේ ගමන් කරන්නෙකුට හමු වෙන ලෝක ප්‍රසිද්ධ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පිළිබඳවත් ඔබ අවදානයෙන් සහ ඒ ගැන දැන ගත යුතුම ස්ථානයකි. දකුණු අසියාවේ දිගම කේබල් ව්‍යපෘතිය තවත් නොබෝ දිනකින් මෙහි විවෘත විමට මේ වන විට එහි වැඩ අවසන් වෙමින් පවති. එමෙන්ම අම්බුළුවාව යනු ලෝකයේ බොහෝ සංචාරකයන් අනිවාර්යෙන් තම ජීවිතයේ එක් වරක් හෝ යා යුතුව ඇති ස්ථානයක් ලෙස නම් දරා ඇත.
එමෙන්ම මේ අවට සංචාරය කරන්නෙකුට ඓතිහාසික දෙවනගල, බතලේගල පර්වතය, සැලව මැදිලිය රජමහා විහාරය, ලංකාවේ සුන්දරම ගම්මානයක් බවට පත් වි ඇති කෙහෙල්පන්නල, අසුපිණි ඇල්ල වැනි ස්ථානද මෙම ගමන් මාර්ගයේ පැමිණ නැරඹිමට යා හැකිය.
කඩුගන්නාව නාය යයිද ?
සුදු ජාතිකයන් මෙම මාර්ගය සකස් කර දා සිටම මේ දක්වා මෙම මාර්ගය භාවිතා කර අතර මිට අවුරුදු 5 කට ආසන්න කාලයේදි විවිධ අවස්ථා වලදි මෙහි විවිධ නාය යෑම් වාර්තා විය. අරණායක සාමසර කන්ද නාය යන විට ලංකාවේ ඉහලම පර්යේෂකයන් පවසා සිටියේ ඉහලින් ඇති දුම්රිය මාර්ගය සකස් කිරීමේදි ඉවත් කර විශාල ගල් කුටිටි මෙන්ම විවිධ අවස්ථා වල ගල් පෙරලිම් සහ සුළු නාය යෑම් අවස්ථා නිසා මෙම ඉහල කොටසේ යම් බලපෑම් ඉදිරියට ඇති විමේ අවදානමක් ඇති බවයි. එපමණක්ද නොව මෙහි අනවසර ඉදිරිකිරීම් මෙන්ම වියළි කාලයේදි කැලෑ ගිනි තැබිම්, මාර්ගයේ වාහාන සේදිම වැනි පරිසර හිතකාමි නොවන මිනිස් ක්‍රීයාකාරකම් නිසා මෙම මාර්ගය මින් ඉදිරියට අවදානම් තත්වයක් උදා වුව හොත් එය බරපතල අර්බුදයකි.
අපේ රටේ බලධාරීන් බොහෝ පිලියම් සොයන්නේ යම් අනතුරක් වු අවස්ථාවකදි පමණි. පසුව ටික කාලයකදි එය අමතක කර නැවත යම් සිදු විමක් වු වහාම ඒ පිළිබඳව විපරම් කර බලනවාට වඩා වර්තමාන රජය මිට වඩා වගකිමකින් මෙම කටයුතු සොයා බලා සිදු කිරීම මගින් ඉදිරියටත් මෙවැනි අමිහිරි ඛේදවාචකයන් අපිට වලක්වා ගැනීමට හැකි වනු ඇත.
කඩුගන්නාව පිළිබඳව දුර දිග කල්පනා කිරීමට මිට පෙර අවස්ථා සහ පසුගිය කාලේ සිදු විම් අතරවාරයේ ලංකාවේ භූ විද්‍යා විශේෂඥයන් සමහර අවස්ථා වලදි මාධ්‍ය හමු වලදි පුවත් පත් සාකජ්ජා වලදි මෙම ප්‍රදේශයේ පවතින විශාල ආනතිය මෙන්ම අවදානම් තත්වයන් ගැන අනතුරු ඇගවිම් කර ඇත.
එවැනි කතා අපිට ඉවත දමන්නට බැහැ. එසේ නම් පාර විදිමත්ව සංවර්ධන කර යුතු සේම මෙම මාර්ගයට සමගාමිව විකල්ප මාර්ගද සංවර්ධන කර යුතුව ඇත. එලෙස සංවර්ධන කර හැකි හොඳම මාර්ගයක් වන්නේ මාවනැල්ල හෙම්මාතග අම්බුළුවාව මාර්ගයයි.
දුර දිග බලා මෙම මාර්ගය ඒ කාලයේ වගකිය යුතු අය සංවර්ධන කලාද ?
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මෙම මාර්ග ව්‍යාපෘතිය සකස් වු නමුත් මාර්ගය සකස් වෙමින් පැවැත් අවස්ථාවේ රජයේ මාරු විම සමග මෙම මාර්ගය නිසි සැලසුම් අනුව සකස් නොවිය. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේද ප්‍රදේශයේ දේශපාලඥයින් පැවැත්වු කතා වල ඒ බව තහවුරු විම් සිදු වි ඇත. එමෙන්ම විවිධ අවස්තා වල මාධ්‍යයේ මෙන්ම ප්‍රදේශයේ ජනතාව මේ ගැන බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ රහසකි.
රටේ අනාගත දියුණුවේ ව්‍යාපෘති නිසි ක්‍රමවේදයට සකස් විම නිසි ලෙස සිදු වුවානම් අද වන විට මෙම මාර්ගය තවත් පහසු ගමන් මාර්ගයක් ලෙස ගමනාගමනයට පහසු ගමන් මාර්ගයක් වනු නොවනුමානය.
මෙම මාර්ගය සකස් කරන්න මුල් ගල් තුනක් තිබ්බාද ?
ඔව් 2010 පෙබරවාරි 19 , 2014 නොවැම්බර් 16, 2015 මැයි 15 මුල් ගල් තුනක් තිබ්බේ විශාල රැස්විම් පවත්වමිනි. නමුත් 2015 පසුව මාර්ගය සකස් කර අතර 2019 මාර්ගය සම්පුර්ණයෙන් සකස් කර විවෘත කලාය.
හෙම්මාතගම නගරයෙන් ගම්පොල හෙම්මාතගම දුවන බස් වලට මොකද වෙන්නේ ?
එකත් එක ගැටලුවක් තමයි නමුත් ඒ අය ජිවත් වෙන්න මේ රැකියාව අවශ්‍ය බව ඇත්ත නමුත් වර්තමාන දියුණු ලෝකයේ මාවනැල්ලේ සිට පැය ගණන් හෙම්මාතගමට එන්න වැය වන වේලාවට වඩා ඉතා ඉක්මනින් නිවසට එන්න රටේ ඔනෑම තැනක ඉදලා පහසුවක් තිබෙනවා නම් ඒ ගැන එයාලාත් සතුටු වෙන්න ඔනෑ. එයාලාත් වෙනස් විදිහට හිතලා වෙනස් ක්‍රමයකට වැඩ කරන්න වෙනවා.
මෙච්චර කල් තිබුණු ප්‍රශ්නයක් තමයි ලංකාවේ ඔනෑම තැනක ඉදන් මාවනැල්ලට ආවොත් එතන් සිට හෙම්මාතගම දක්වා එන්න පැය ගණන් සමහර විට ආපු පැය ගාණටත් වඩා වේලාවක් ඒ වෙනුවෙන් මේ මිනිස්සුන්ට ඉන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි රාත්‍රී 10.20 පස්සේ එන්න වාහනයක් නැහැ.
ඒ නිසා මෙන්න මේ ගැනත් අපි එදා හිතපු අකාරයෙන් හිතලා වර්තමානයේ කටයුතු නොකර වැඩ කරන්න කාලය දැන් ඇවිත් තියෙන්නේ. </div>
ලංකාවේ වෙනත් නගර වල දියුණුවට සාපෙක්ෂව මාවනැල්ල ප්‍රදේශය දියුණු වුනාද ?
කියන්න වෙන්නේ නැහැ කියලා විතරයි. එකට හේතුව තමයි මාවනැල්ල බස් නැවතුම හදා ගන්න ලංකාවේ ඉහලම පේලේ දේශපාලඥයින් ඉදලා බැරි වුනා. වගකිය යුතු රජයේ ස්ථාන තිබුණත් ඒවාගෙන් විය යුතු බොහෝ කාර්යන්ද නිසි ලෙස ඉටු වෙනවා ද කියලා ගැටලුවක් තියෙනවා. අඩුම ගානේ ලංකාවේ ඉතිහාසය කියන වටිනා මාවනැල්ලේ ගඩොල් පාලමේ දෙපැත්තේ පැල වෙන ගස් කොළන් කපන්නත් මාධයේ දාන්න ඔනෑ ඊට පස්සේ තමයි ඒ ගැන පුංචි අරි අවදානයක් යොමු වෙන්නේ.
ලංකාවේ ඉහළම ආදයම් ලබන ප්‍රාදේශිය සභාව තියෙනවා නමුත් කුණු ටික හරියට කළමණාකරණය කරගන්න බැහැ. කුණු හැම තැනම දාලා යන මිනිස්සුන්ට නිතීයක් ක්‍රියාත්මක කරලා වැඩ පිළිවෙලක් සැකසිය යුතුව ඇත. ඒ විතරක් නොවෙයි වැලි කොට ජාවාරම් යහමින් වෙනවා ජවාරම් කරන කිහිප දෙනෙකු නිසා ඒ අය ගැනත් නිතීයේ අවදානය යොමු වෙනවාද කියලා ටිකක් හොයන එක වගකිය යුතු අංශ වල වගකිමක්.
පාර ගැන කියපු අපි තව දේවල් කිවේ මිට වඩා හිතන්න පුළුවන් නිලධාරින් පිරිසක් ලංකාවේ දියුණු වෙන නගර වල වාගේම අපිටත් ඉන්න ඔනෑ කියලා හිතෙන අනාගතයක් ගැන හිතන අය කියන නිසා.
ඒ නිසා වර්තමාන රජය මේවා සංවර්ධනය කරලා මිනිස්සුන්ට පෙන්නුවොත් එක තරම් වටිනා දෙයක් මේ පැති වල මිනිස්සුන්ට නැති වෙයි. ඒ හැම සංවර්ධනයකදි වාගේම ඔබ මේ ගමන් මාර්ගය භාවිතා කරද්දි වුනත් පරිසරයට කිසිම හිරිහැරයක් නොමැතිව භාවිතා කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
සටහන ජායාරූප මාධ්‍යවේදී සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට