Sri Lanka
හිලෑ අලි ඇතුන් ප්‍රමාණය අඩු වීමෙන් පෙරහරට බලපෑම්
92 | 2025-07-17 04:09 PM
මෙවරත් නුවර දළදා පෙරහැර උත්කර්ෂවත් ලෙස පැවැත්විට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව පෙරහැර කටයුතු ආරම්භ කරමින් කප් සිටුවීමෙ ්මංගල්‍යය ජුලි මස 25 වැනිදා ජුලි මස 30 වැනිදා දක්වා සිව්මහා දේවාල පෙරහැර විදී සංචාරය කොට ජුලි 30 වැනිදා සිට ආගොස්තු 03 වැනිදා දක්වා කුඹල් පෙරහර විදී සංචාරය කිරීමට නියමිතයි. ආගොස්තු 03 වැනිදා ආරම්භ වන රන්දෝලි පෙරහැර දින 5 ක කාලයක් විදී සංචාරය කොට අවසන් රන්දෝලි පෙරහැර ආගොස්තු 08 වැනිදා විදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ආගොස්තු 09 වැනිදා පෙරවරුවේ දිය කැපිමේ මංගල්‍ය සිදු කිරීමට නියමිතයි. මේ අතර මෙවර දළදා පෙරහැර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ජාවක් 16 වැනිදා දළදා මාලිගා පරිශ්‍රවයේදි පැවැත්විය. එහිදි අදහස් දැක්වු මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙසේ පැවසීය. පෙරහැර වෙනුවෙන් ආරක්ෂාව සානිපාරක්ෂක කටයුතු වාහාන ඇතුලු සියලු යටිතල පහසුකම් අපිට ලබා දි තිබෙන බව පැවසු අතර අලි ඇතුන් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය. අලි ඇතුන් දළ ඇතුන් පිළිබඳව පෙරහැර සමයේදි අපි කථා කරනවා. පින්නවල සහ උද්‍යානවල ඉන්නවා අතිරික්ත හිලෑ ඇලි ඇතුන් ඉන්න පාක් කිහිපයකුත් තියනවා. හම්බන්තොටත් තියෙනවා. මේ තැන් වල ඉන්න අතිරික්ත අලි බෝ කිරීම සඳහා භාවිතා නොකරන රජයට බරක් වෙච්ච මොකද අලියෙකු ඇතෙකු බලා ගන්න ඇත්ගොව්වන් එක් අයෙක් දෙදෙනෙක් සේවා මුර සහිත යොදලා නඩත්තු කරන්න බැරි අලි ඇත්තු ඉන්නවා. කෙටි කාලීනව අපි ඉල්ලන්නේ ඒ විදිහට පරිපාලනය කරන්න බැරි සතුන් යම් ප්‍රමාණයක් අපිට දෙන්න. ඊළගට බෝ කිරීම සඳහා ආයතනයක් බිහි කරලා බෝ කිරීමේ වයසේ ඉන්න ගෑණු සත්තු ටික යොදලා අලි ඇතුන් බෝ කරලා එකෙන් බෝ වෙන අලි ඇත්තු අපේ මේ හිලෑ අලි අයිතිකරුවන්ට සහ සිද්ධස්ථාන වලට දෙන්න කියලා අපි බොහෝම සාධාරණ ඉල්ලීමක් මේක තමයි කරගන්න තියෙන කෙටි කාලීන සහ දිර්ඝ කාලීන වැඩ පිළීවෙල යැයිද පැවසීය.

saman vijaya bandara

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර