Sri Lanka
අළු බඳුන ටෙස්ට් තරගයෙන් මිලියන 3ක පාඩුවක්.
2025-11-23 04:31 PM
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන (Ashes) ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දින දෙකක් ඇතුළත අවසන් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලයට ටිකට්පත් ආදායමෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3කට අධික පාඩුවකට මුහුණ දීමට සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මීට හේතුව වන්නේ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය (refund policy) යටතේ, තරග නොකළ දින සඳහා තනි දින ටිකට්පත් මිලදී ගත් සියලුම නරඹන්නන් හට සම්පූර්ණ මුදල් ආපසු ලබා ගැනීමට හිමිකම් ඇති බැවින්, එම මුදල ලබා දීමට සිදුව තිබෙන නිසා බවයි සඳහන් වන්නේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු තරගය විශිෂ්ට ලෙස ජග්‍රහණය කලත් මෙම ජයග්‍රහණය ප්‍රවේශපත් කාර්යාලයට විශාල පාඩුවක් ගෙන දීමට හේතු වී තිබෙනවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට