අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවය.
මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් මෙලෙස තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇඳහැලෙන්නේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන්ය.ඒ අනුව මේ දිනවල සවස් කාලයේ තදවැසි ඇදහැලෙයි.
එමෙන්ම නාගොඩ හරහා හමාගිය තද සුළඟකින් මාපලගම - ගාල්ල ප්‍රධාන මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියට ගස් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනයටත් බාධා එල්ල වී තිබුණි.
මාතර දිස්ත්‍රික්කයටත් ඇඳහැලුණු තද වැසි සමඟ දෙනියාය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණි.