Sri Lanka
කඩුගන්නාවේ මේ වන විට අපගේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක්
2025-11-23 01:55 AM
ඒ අනුව මෙම නාය යෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිද්ධිය සිදුවූ අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකුද මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගන්නා ලදි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත්.

මේ වන විට අපගේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් වි තිබෙනවා. ගොඩනැගිලි පර්යේෂණ නිලධාරීන් කන්ද උඩට ගිහින් බලපුවාහම ඒ අය මෙහි අවදානම් සහිත තත්වය ගැන පැහැදිලි කරයි. මොකද තව අවදානම් සහිත ගල් තිබෙනවා. ඒ සමහර ඒවා මග රැඳිලා තිබෙනවා ඒවා පුපුරවලා ඉවත් කර ගැනීමක් සිදු කර ගන්න ඔනෑ. මේ වැස්ස නිසා මොන වාගේ අවදානම් තත්වයක්ද තියෙන්නේ කියලා හදුනා ගන්න බැහැ. මාර්ගය විවෘත කරන්න තව දින කිහිපයක් යයි. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා කවුරුත් මෙම ස්ථානය නැරඹිට ජායාරූප සහ විඩියෝ ලබා ගන්න එන්න එපා කියලා. මොකද මේ ස්ථානය බලන්න සුදුසු ස්ථානයක් නෙවෙයි තාමත් අවදානම තිබෙනවා.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට