Sri Lanka
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ
2025-11-22 06:25 PM
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය තවදුරටත් විවෘත කළ නොහැකි වී ඇත්තේ නායයාමේ ස්ථානය ආශ්‍රිතව විශාල ගලක් කොන්ක්‍රීට් කණු අතර රැඳි පවතින බවත් පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ එය කුමන හෝ අවස්ථාවක පහළට පැමිණීමේ අවදානමක් පවතින බවය.

මේ හේතුවෙන් එම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග හරහා ධාවනය කරවීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට