Sri Lanka
කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන සිව්දෙනෙකු දක්වා ඉහළට
2025-11-22 06:13 PM
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.

සුන්බුන් අතර සිරව සිටියදී මුදා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද පෙරවරු 9.00ට පමණ පහලකඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් සිදුවු මෙම අනතුරින් සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර මුදා ගැණුනු පුද්ගලයින් සිව්දෙනෙකු මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට