Sri Lanka
කඩුගන්නාවේ නාය ගිය තැන බලන්න එන්න එපා අවදානම තාම පහව ගිහින් නැහැ
2025-11-22 10:08 AM

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන්ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතාකර ලෙස මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දී ඇත.

මෙම අනතුරින් එක් අයෙකු මේ වනවිට මියගොස් ඇති අතර, තුවාල ලැබු තවත් සිවුදෙනෙකු මාවනැල්ල රෝහලට ඇතුළත්  තිබේ.

එමෙන්ම වෙළඳසැලෙහි සිටි කිහිපදෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය. 

හිඟුල ප්‍රදේශයට වඩාත් ආසන්න ප්‍රදේශයක මෙම අනතුරට ලක් වූ වෙළෙඳසැල හා ඊට යාබදව නිවසක්ද පිහිටා තිබූ බව වාර්තා වේ.

එම ප්‍රදේශය තද බෑවුම් සහිත ස්ථානයක පිහිටා ඇති අතර, ඊට පිටුපසින් තිබූ පස් කන්දක් මෙලෙස කඩාවැටී තිබේ.

සුන්බුන් අතර සිටිවී සිටින සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි වුණත්, කිහිපදෙනෙක් අනතුර පත්ව ඇති බව වාර්තා වේ.

මෙම වෙළෙඳසැල කෙටි ආහාර අලෙවිකරන ස්ථානයක් වන අතර, ඒ හේතුවෙන් තේ පානය බොහෝ පිරිස් පැමිණෙන ස්ථානයක් බව සඳහන්.

Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට