මෙරට සුන්දරම සංවේදි පරිසර පද්ධතියක් ඇති අම්බුළුවාව කදුකර ප්‍රදේශයේ ජනතාව ගමන් කරන මාර්ග වලට කැලි කසල නිරත්රයෙන් විසි කර දමා යෑම සුලභ දසුනක් බවට පත් වි ඇත. එලෙස විසි කර දමන සමහර කසල වල දරුවන්ගේ පැන්පස් සහ නිවසේ භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් පොලිතින් වල කොටස් සහිත බොහෝ දේ එහි ඇත.
අද 20 එලෙස විසි කර දමා ගිය පොලිතින් බෑගයක් සුනඛයන් ඇද දමා තිබියදි අම්බුළුවාව අක්කර 100 ට මදක් නුදුරින් ඇති හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල මාර්ගයේ ජංගම වෙළෙඳාම් සිදු කරන පුද්ගලයෙකු දැක ඔහු විසින් මෙහි තිබි දුරකථන අංකය සහ බිල් පත් කිහිපයක් සොයා ගෙන තිබුණි.
එහි තිබු එම අංකයට ඇමතුමක් ලබා ගත් පසු කැලි කසල මල්ල විසි කරන ලද අය විසින් තමන් විසින් කුණු මල්ල විසි කර බවට එහි වැරද්දත් පිළිගන්නා ලදි. පසුව එය කිසිවෙකුටත් නොකියා පුළුස්සා දමන ලෙස අදාල පුද්ගලයාට පවසා ඊට මුදල් බැංකු ගිණුමකට බැර කර හැකිද පැවසීය.
නමුත් එම වෙළෙන්දා මුදල් ගැනීමකින් තොරව මෙය මාධ්‍ය වෙත අනාවරණය කරමින් ප්‍රකාශ කර සිටියේ මෙවැනි පුද්ගලයන් ගෙන්වා අවවාද කොට මෙවැනි ක්‍රියා නොකරන ලෙස ඔවුන්ට යම් දඩුවමක් ලබා දීම මගින් රජයේ වැඩපිලිවෙලක් වන ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රමය සාර්ථක කර ගත හැකි වන බවයි.
හෙම්මාතගම අම්බුළුවාව මාර්ගයේ කුඩා වෙළෙඳ සැලක් පවත්වාගෙන යන එම්.ජී ප්‍රසන්න කුමාර වයස අවුරුදු 49 ක් වන තිදෙරු පියෙකි. මෙම මාර්ගයේ ගමන් කරන සංචාරකයන්ට බඩ ඉරිගු සහ පළතුරු යනආදිය අලෙවි කර ජිවත් වන අතර පරිසර හිතකාමි පුද්ගලයෙකු ලෙස මෙම මාර්ගය දිගේ ගස් කොළන් සිටුවා ඒවා ආරක්ෂා කරමින් ඒවාට වැසි නොමැති කල ජලය දමා ආරක්ෂා කරන ඔහු වෙළෙඳාම් කරන කොටසේ ද මාර්ගය පවිත්‍ර කොට කැලි කසල දමා යන අය ගැන අවදානයෙන් පසු වෙන ප්‍රසන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ වි ඇත්තේද පරිසර හිතකාමි පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් විවිධ අවස්ථා වල හඩ නගන අයෙකු ලෙසටයි.
මෙවැනි යහපත් දේ කරන ඔහුට මුදල් ලබා ගෙන ඒවා වැරදි ක්‍රියා කරන අය යටපත් කිරීමට හැකි වුවත් පරිසර හිතකාමි පුද්ගලයෙකු නිසාම බොහෝ අවස්ථා වල විසි කර දමා යන කුණු මළු වලින් මොන යම් හෝ විස්තරයක් සොයා ගෙන වගකිව යුතු අංශ දැනුවත් කරන පුද්ගලයෙකි. මිට පෙරද අවස්ථා කිහිපයකදි එවැනි අවස්ථා ඔහු විසින් කර ඇත.
මෙම කැලි කසල මල්ලෙන්ද ලබා ගත් තොරතුරු සත්‍ය ලෙස සොයා ගෙන මේ පිළිබඳව හෙම්මාතගම පොලිසිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කර ඇතැත් ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිදු වගකිමක් ගෙන නැත. හෙම්මාතගම පොලිසියෙන් පවසා ඇත්තේ පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි. ඔහු පවසන්නේ පොලිසිය විසින් එම සිදු කර අයගේ දුරකථන අංකය සහ විස්තර ඇති නිසා ඔවුන් ගෙන්වා අවවාදයක් කර හැකි නම් මින් ඉදිරියට මෙවැනි ක්‍රියා අවම කර ගත හැකි බවයි. </div><div>
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය සහ අසියාවේ දිගම කේබල් කාර් ව්‍යාපෘතිය නිසා මේ වන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය දිනා ඇති අම්බුළුවාව නැරඹිමට දෛනිකව විශාල සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙයි. මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය හරහා අම්බුළුවාව කදු කර ප්‍රදේශය පසු කරමින් ගම්පොලට යන මාර්ගයේ අම්බුළුාවාව ජෛව විවිධත්ව සංකීර්ණය පිහිටා ඇත.
නුවරඑළිය, නාවලපිටිය, හැටන් වැනි ප්‍රදේශ වලට යන්නටත් සංචාරය කරන්නටත් දෛනික වැඩ වලදිත් පහසු මාර්ගයක් වන නිසා බොහෝ පිරිසක් මෙම මාර්ගයේ ගමන් කරයි. එමෙන්ම පසුගිය කාලේ කඩුගන්නාවේ නාය යෑමෙන් පසුව විකල්ප මාර්ගයක් ලෙස නුවර දක්වා සහ ඉහත ප්‍රදේශ වලට ගමන් කරන්නට මෙම මාර්ගයේ වාහාන ගමනා ගමනයට භාවිතා කරන ලදි.
ඉතා රමණිය කදු වළල්කින් වට වු සුන්දර ස්භාවික පරිසරයට උරුමකම් කියන මෙම මාර්ගයේ මෙලෙස කැලි කසල දැමිම නිසාම වනසතුන් ඒවා ඇද දමන අතර කදුකරයේ පහත ප්‍රදේශ වල ජනතාවට එය ගැටලුවක් වි ඇත්තේ ඔවුන් මෙම කන්දේ ස්භාවික ජල උල්පත් වලින් ජලය භාවිතයට ගන්නා නිසාය.
මෙලෙස වාහාන වලින් විසි කරන කුණු මළු දමන අයට සහ සංචාරකයන් නැවති ආහාර ගැනිම් යනආදියෙන් විසි කරන අපද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය බෝතල් ප්ලාස්ටික් සහ පොලිතින් වැනි දේ නිසා මෙම පරිසරය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට බලධාරීන්ගේ අවදානය යොමු විය යුතුව ඇත.
ජායාරූප සහ සටහන මාවනැල්ල සමන් විජය බණ්ඩාර