කර්මාන්ත ශාලාවලින් අවිධිමත්ව පිට කරන දියර අප ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශය තුළ
දැඩි පාරිසරික ගැටළු නිර්මාණය වී ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
මාවතගම කර්මාන්තපුරය තුළ විවිධ නිෂ්පාදනයන්
සිදු කරන කර්මාන්ත ශාලා ගනන 23 කි.ඒ අතරින් ඇතැම් කර්මාන්ත ශාලාවල දියර අපද්‍රව්‍ය
බැහැර කිරීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් මෙතෙක් සකස් වී නොමැති බවද ප්‍රදේශවාසීන්
සදහන් කරයි.එම තත්ත්වය උඩ මෙම කර්මාන්ත ශාලාවල දියර අපද්‍රව්‍ය රාත්‍රී කාලයේ
ඉතාමත්ම රහසිගතව ඒ ආසන්නයෙන් ගලා යන ස්වාභාවික ඇල මාර්ගයකට එක් කිරීම කාලයක සිට
සිදු කර ඇත.මෙම තත්ත්වය මත පහල දංකොටුව,හාල්දඩුවන සහ මොහොට්ටිමුල්ල යන ගම්මාන වල
ඇති කුඹුරු අක්කර 100 ක් පමණ නිසි පරිදි වගා කිරීමට නොහැකි වී ඇති බවද ඔවුන් කියා
සිටී.
එසේ මුදා හරින අපද්‍රව්‍ය වල විවිධ රසායණික
ද්‍රව්‍ය අඩංගු විය හැකි බවත්,මෙම තත්ත්වය ප්‍රදේශයේ පානීය ජලය ලබා ගන්නා ළිං වලටද
බලපෑම් එක්ක කරමින් සිටින බවද ඔවුන් කියා සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙන්නප්පුව ප්‍රදේශීය
සභා සභික ජනක ජයසේකර මහතා මෙසේ කියා සිටියේය.
මෙම කර්මාන්තපුරයේ සිදු කරන නිෂ්පාදන වලදී
පිට කළ හැක්කේ ඝන අපද්‍රව්‍ය බවට තමයි ඒ සදහා වන ගැසට් පත්‍රයේ සදහන් වන්නේ.මේ වෙන
කොට එම ගැසට් පත්‍රය සංශෝධනය වෙලත් නැහැ.නමුත් දියර අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත
ශාලා කීපයක්ම මෙහි ආරම්භ කර පවත්වා ගෙන යනවා.එම කර්මාන්ත ශාලාවලින් බැහැර කරන දියර
අපද්‍රව්‍ය සෘජුවම මුදා හරින්නේ වෙල් යායට සමන්තරව තිබෙන ඇල මාර්ගයට.ඇතැම් කාල
වලදී මෙම ඇල මාර්ගයේ ජලය සම්පූර්ණයෙන්ම අව පැහැයක් ගෙන ඇති බවක්ද දක්නට තිබෙනවා.
වෙල් යායේ වගා කටයුතු කරන ගොවීන් කියා
සිටින්නේ ඇතැම් කාල වලදී තමන් විවිධ රෝගාබාධ වලට ගොදුරු වී තිබෙන බවයි.ඒ වගේම මේ
ආසන්නයේ තිබෙන ළිං වල ජලය පානය සදහා ගන්නත් බැරි තත්ත්වයක් උදා වෙලා තියනවා.
අපි කියන්නේ මේ රටේ කර්මාන්ත පවතින්න
ඕනේ.එතන තර්කයක් නෑ. මොකද ජනතාවට ජීවත් වෙන්න රැකියා කටයුතු කිරීම සදහා කර්මාන්ත
ශාලා අවශ්‍ය වෙනවා.ඒ සමගම විය යුතු දේ වන්නේ කර්මාන්ත ශාලා අවට ජීවත් වන ජනතාවගේ
ජීවන තත්ත්යට ඒ නිසා බාධාවක් හෝ හානියක් වෙන්න බෑ කියන එකයි.අපි යෝජනා කරන්නේ අපද්‍රව්‍ය
බැහැර කිරීම සදහා විධිමත් වැඩ පිළිවෙලක් වහාම ආරම්භ කළ යුතුයි කියන එකයි.
රංජිත් පෙරේරා මහතා මෙසේ කියා සිටියේය.
අපිට තියන ලොකුම ගැටළු තමයි ළිං වලින් ජලය පානය කිරීම සදහා ලබා ගැනීමට නොහැකි වීම.මේ නිසා අද අපිට සිද්ධ වෙලා තියනවා ජලය මිලදී ගෙන පානය කරන්න.ඒ සදහා මාසිකව අපිට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියනවා.අතීතයේදී අපේම ළිං වලින් ජලය අරගෙන පානය කරපු අපිට මේ කර්මාන්ත ශාලා නිසා වෙලා තියෙන්නේ වස විස පානය කරන්න.එහෙමත් නැත්නම් සල්ලි දීලා ජලය අරගෙන පානය කරන්න.
මාවතගම කර්මාන්තපුරය ආසන්නයේම පදිංචිකරුවෙකු
වන සිරිල් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.
අපි කර්මාන්තපුරයට විරුද්ධ නෑ.අපි දන්නවා
කිසියම් නිෂ්පාදනයක් කරන කොට අපද්‍රව්‍ය බැහැර කරන්න වෙනවා කියන කාරණය.කර්මාන්ත
ශාලා හිමින්ට අපි කියන්නේ අපද්‍රව්‍ය මුදා හරින්න පෙර පිරිසිදු කරන්න කියන එකයි.අද
තාක්ෂණය දියුණුයි.ඕනම අපද්‍රව්‍යක් පිරිසිදු කිරීමේ හැකියාවක් තියනවා.එහෙම නම් ඇයි
මේ කර්මාන්ත ශාලා වලින් බැහැර කරන දියර අපද්‍රව්‍ය පිරිසිදු කරන්න බැරි කියන එකයි
අපිට තියන ගැටළුව.
ප්‍රදේශයේ ගොවියෙකු වන අමරසිංහ ජයසේකර මහතාද අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
ඉස්සර මේ කුඹුරු යාය බලන්න ලස්සනයි.ඒත් දැන්
බලන්න තියන තත්ත්වය. වගා කරන්න කුඹුරු වලට බහින්න ගොවීන් බයයි.මොකද මේ කර්මාන්ත
ශාලා වලින් මොන වාගේ අපද්‍රව්‍ය පිට කරනවාද කියන එක අපි දන්නේ නැහැනේ.අන්තිමේට
හදුනා ගන්න බැරි ලෙඩ රෝග හැදෙයි.ඒ නිසා ගොවීන් බොහෝ දෙනෙක් මේ වෙන කොට කුඹුරු
වගාවෙන් ඉවත් වෙලා ඉන්න බවක් පේන්න තියනවා.මේ සදහා කඩිනමින් විසදුමක් ලබා දෙන්න
කියන එක තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ජී.එස්.පී.නාමල් මහතා මෙසේ කියා සිටියේය.
අපි මේ ගැන දන්න කියන බලධාරීන්ට කිව්වා.ඒත්
තවම වැඩක් වෙලා නෑ. නිලධාරීන් ඇවිත් ජල සාම්පල් අරගෙන ගියා.එවිට අනාවරණය වෙලා
තියනවා අපි පානය සදහා ගන්න ජලයේ බැර ලෝහ විශාල වශයෙන් අඩංගු වෙලා තියනවා
කියලා.නමුත් ඒ කිසිම කෙනෙක් අපිට මේ වන තුරු සාර්ථක පිළිතුරක් ලබා දීලා නැහැ.අපිට
තියන ගැටළුව තමයි මේ හානිය මිනිස්සුන්ට කරන්නේ කිසියම් අයෙකුගේ අවශ්‍යතාවයටද කියන
එක.
මේ ආකාරයට අපට හමුවූ සෑම දෙනාම කියා සිටියේ
කර්මාන්තපුරයෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් තමන් විදින පීඩාවය.වර්තමානය වන විට
අප රට තුළ කිසියම් ආකාරයක සහල් අර්බුධයක් නිර්මාණ වී ඇති බව සත්‍ය කතාවකි.ඇතැම්
විට මේ ආකාරයට කුඹුරු වගා නොකර අත හැර දැමීම ඊට යම් හේතුවක් වන්නටද ඇති.
පවතින කර්මාන්ත නවතා දමන්නට යැයි ඔවුන්
ඉල්ලා සිටින්නේද නැත.එය සාධනීය තත්ත්වයකි.ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ කර්මාන්ත ශාලා
වලින් බැහැර කරන දියර අපද්‍රව්‍ය මුදා හරින්වට පෙර පිරිසිදු කරන ලෙසයි.එම ඉල්ලීම
ඉටු වන තුරු දංකොටුව - මාවතගම කර්මාන්තපුරය අවට ජනතාව බලා සිටී.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට